බස් රථවල ගමන් කිරීමේදී මුදල් වෙනුවට මාර්ගස්ථ පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමයක්  

Published in පුවත්
Wednesday, 17 February 2021 09:03

බස් රථවල ගමන් කිරීමේදී මුදල් වෙනුවට මාර්ගස්ථ පෙර ගෙවුම් කාඩ් පතක් ( Transit Card ) මගින් ප්‍රවේශපත්‍ර මිලට ගැනීමට සහ ඒ වෙනුවෙන් විද්‍යුත් පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත.

මෙම තීරණය ගනු ලැබුවේ කොන්දොස්තරවරුන් ඉතිරි මුදල් ලබා නොදුන් බවට මගීන් විසින්ද ඇතැමුන් මුදල් නොගෙවා හොරෙන් ගමන් කරන බවට කොන්දොස්තරවරුන් විසින්ද චෝදනා සිදු කරන බව නිසාත් කොරෝනා වසංගත තත්ත්වයක් තුළ මුදල් හුවමාරුකර ප්‍රවේශපත්‍ර මිලට ගැනීම සම්බන්ධයෙන් ජනතාව අතර බියක් මේ දිනවල පවතින නිසාත් මේ සියල්ල කෙරෙහි අවධානය යොමුකර මෙම පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය තීරණය කල බවයි උදය ගම්මන්පිල අමාත්‍යවරයා පවසා ඇත්තේ.

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පාලනය වන 100%ක් දේශීය සමාගමක් වන ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම විසින් මෙම පෙර ගෙවුම් කාඩ්පතට අදාළ මෘදුකාංගය නිර්මාණය කරනු ඇත.

බස් රථවල සහ දුම්රියේ ප්‍රවේශපත්‍ර මිලට ලැනීම වෙනුවෙන් මාර්ගස්ථ පෙර ගෙවුම් කාඩ්පතක් හඳුන්වා දීම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අදාළ සියලුම ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත් කිරීම සඳහා 2018 ඔක්තෝබර් මස 02 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇතැයිද ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us