මැදපෙරදිග සිරවී සිටි ලාංකිකයන් 400ක් දිවයිනට

Published in පුවත්
Wednesday, 17 February 2021 14:25

මැදපෙරදිග සිට යලි දිවයිනට පැමිණීමට නොහැකිව සිටි ලාංකිකයන් 400කට අසන්න පිරිසක් අද අලුයම ගුවන් යානා දෙකකින් දිවයිනට පැමිණ තිබේනවා.

ඒ අනුව පැමිණ ඇත්තේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් එහි විවිධ කරදර හා පීඩාවන්ට ලක්වූ පිරිසක් වන අතර ලාංකිකයින් 389 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.

මේ වන විට එම පිරිස නිරෝධායන ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය බව වාර්තා වනවා.

මේ අතර ඊයේ දිනය තුළ වැඩිම කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේනවා

ඊයේ (16) දිනය තුළ ආසාදිතයින් 759 දෙනෙක් මෙරටින් හඳුනාගත් අතර, ඉන් ආසාදිතයන් 172 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධස්ථානය සඳහන් කළේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us