ජලය අපනයනය කිරීමට රජයේ සැලසුම්

Published in පුවත්
Monday, 22 February 2021 09:55

ජලය අපනයනය කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේය.

සාම්ප්‍රදායික අපනයන භාණ්ඩවලට අමතරව ජලය අපනයනය කිරීමෙන් හොඳ විදේශ විනිමයක් උපයා ගත හැකි බවද ජපානය හා ප්‍රංශය මේ වනවිටත් ලෝක වෙළෙඳ පොළට ජලය සපයා විශාල ආදායමක් ලබන බවද ඇමැතිවරයා කීවේය.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් නුවරඑළිය හෝප් වතුයායේ දිය බුබුළ සම්බන්ධයෙන් හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්යවරු කණ්ඩායමක් කළ පර්‌යේෂණ වාර්තාව එළිදැක්වීම නිමිත්තෙන් පෙරේදා (20 වැනිදා) එම ආයතනයේදී පැවැති රැස්වීමකදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මහාචාර්යවරුන් වන සමන් සෙනවීර, රොහාන් වීරසූරිය, අතුල සේනාරත්න, ලක්මාල් ජයරත්න යන මහත්වරු මෙම පර්‌යේෂණය සිදුකර හෝප් වතුයායට අයත් දිය බුබුළේ ජලය පිරිපහදුවට ලක්නොකර පානය කළ හැකි බව තහවුරු කර තිබේ.

එහිදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා වෙළෙඳ විෂය භාර ඇමැතිවරයා ලෙස අපනයන වර්ධනය කිරීමේ වගකීම තමන්ට පැවැරී තිබෙන බවත්, වෙළෙඳ පොළ විවිධාංගීකරණයට ලක් කරමින් බටහිර යුරෝපය දෙසට යොමුව තිබෙන වෙළෙඳ පොළ අප්‍රිකානු හා ආසියානු කලාපවලට යොමු කළ යුතු බවත් පැවැසුවේය.

‘‘ශ්‍රී ලංකාව ජල සම්පතින් පොහොසත් ජල කළමනාකාරණයෙන් හා ජලය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන යෑම පිළිබඳ ඓතිහාසික උරුමයක් අපට තිබෙනවා. ජල ආර්ථිකයක් ගොඩ නැගීම අපට අසීරු ඉලක්කයක් නොවේ යැයි’’ ද ඔහු එහිදී පැවැසීය.

දේශීය වශයෙන් පානීය ජල බෝතල් ව්‍යාපාරය විශාල ව්‍යාපාරයක් ලෙස රටේ ක්‍රියාත්මක බවත් ගුණාත්මක තත්ත්වයෙන් හා පානීය ජල බෝතල් වෙළෙඳ ​පොළට නිකුත් වීම සම්බන්ධයෙන් සොයා බැලීමේ වගකීම පාරිභෝගික සේවා අධිකාරියට පැවැරෙන බවත් කීය.

එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය නොමැතිව පයිප්පවලින් වතුර ගෙන බෝතල් කර විකුණන අවස්ථාද තිබෙන බැවින් දේශීය පාරිභෝගිකයන් සඳහා උසස් තත්ත්වයේ ජලය සැපයීමට අවධානය යොමු කරන අතුරතුර ජලය අපනයනය මගින් අපනයන ආදායම ඉහළ නංවා ගැනීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමුකර ඇතැයි ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us