මුස්ලිම් මන්ත්‍රීවරුන් ආදාහනය සම්බන්ධයෙන් පාකිස්තාන අගමැති හමුවීමට සුදානමක්  

Published in පුවත්
Tuesday, 23 February 2021 09:13

මුස්ලිම් ජාතිකයන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම නතර කිරීමට රජයට කරුණු දක්වන ලෙසට පාකිස්තාන අගමැතිවරයාට දැන්වීම සදහා මුස්ලිම් මන්ත්‍රීවරුන් 15 දෙනකු සුදානම් වන බව වාර්තා වේ.

අද දින පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් දිවයිනට පැමිණීමට නියමිතව ඇත. එම හේතුවෙන් පාකිස්තාන අගමැති හමුවීම සඳහා අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් 15 දෙනකු ශ්‍රී ලංකාවේ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයට ලිපියක් භාර දී තිබේනවා. එහිදී මුස්ලිම් ජාතික දේහ ආදාහනය කිරීම පිළිබදව පාකිස්තාන අගමැතිවරයා හරහා රජයට කරුණු දැක්වීම මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ අරමුණයි.

එම ලිපියට විපක්ෂය මෙන්ම ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද අත්සන් කර ඇත. ලිපිය පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කර ඇති බව මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දුන් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ප්‍රකාශ කර තිබේ.. එම හමුව සඳහා වේලාව අද (23 වැනිදා) දින පෙරවරුවේ ලැබෙනු ඇතැයි එම මන්ත්‍රීවරුන් විශ්වාසය පළ කරති.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us