කළුතර කර්මාන්ත පුරය පුළුල් කිරීමට තීරණය  

Published in පුවත්
Tuesday, 23 February 2021 11:18

බස්නාහිර පළාතේ කර්මාන්ත ආරම්භ කිරීම සදහා හිස් ඉඩම් කට්ටි නොමැති විම හේතුවෙන් ඊට පිළියමක් ලෙස කළුතර කර්මාන්ත පුරය පුළුල් කිරීමට කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර ඇත.

බස්නාහිර පළාතේ කර්මාන්ත ආරම්භ කිරීමට දේශීය හා විදේශීය ආයෝජකයන් 150 ක් ඉල්ලුම් කර ඇතත් පළාතේ කර්මාන්තපුරවල හිස් ඉඩම් කට්ටි නොමැති වීම නිසා කර්මාන්ත ප්‍රවර්ධනයට බාධාවක් වී ඇති බව කර්මාන්ත අමාත්‍යාංශය පවසන්නේ.

අමාත්‍යාංශය යටතේ ඇති කර්මාන්තපුර සංඛ්‍යාව 32 කි. ඉන් අටක් බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වුවද, නව ආයෝජකයන්ට කර්මාන්ත ඇරඹීම සඳහා ලබා දීමට තරම් ප්‍රමාණවත් හිස් ඉඩම් කට්ටි නොමැති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

වර්තමානයේ ආයෝජකයන් 33 ක් මෙහි කර්මාන්තශාලා ආරම්භ කර තිබේ. කර්මාන්ත පුරයට යාබදව පිහිටා ඇති හෙක්ටයාර් 1.946 ක ඉඩම් කොටසද කර්මාන්ත පුරයටම ලබා ගැනීමට අමාත්‍යාංශය තීරණය කර ඇත. එම ඉඩම සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 60 ක මුදලක් වැයවන බවද අමාත්‍යාංශය පවසයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us