ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මිලියන 3.5ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

Published in පුවත්
Tuesday, 23 February 2021 14:19

බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රා සෙනෙකා ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන කොවිඩ් -19 එන්නත් මිලියන 3.5ක් මිලදී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

එන්නත් තොගය මිලට ගැනීම සදහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රා සෙනෙකා ආයතනය සමග ගිවිසුමකට එළඹීම සඳහා වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත්තේ.

එමෙන්ම ඉන්දියාවේ සීරම් ආයතනය වෙතින් ඝෘජු ප්‍රසම්පාදනයක් වශයෙන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් මිලියන 10ක් අමෙරිකානු ඩොලර් මිලියන 52.5ක මුදලකට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගැනීමට ඉදිරිපත් කර තිබූ යෝජනාවට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

මේ අතර කොවැක්ස් පහසුකම යටතේ කොවිඩ් -19 එන්නත ලබාගැනීම කඩිනම් කිරීමට හැකිවීම සඳහා කොවැක්ස් යාන්ත්‍රණය විසින් ඉදිරිපත් කරඇති ප්‍රමිතිගත මුක්තිදාන ගිවිසුමට අත්සන් තැබීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us