වාහන ආනයන සීමා ලිහිල් කිරීමට රජය සැරසේ  

Published in පුවත්
Wednesday, 24 February 2021 09:25

විනිමය අනුපාතයේ ස්ථාවරත්වය මත වාහන ආනයනය සඳහා පනවා ඇති සීමා ඉදිරියේදී ලිහිල් කිරීමට රජය කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ඊයේ (23 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා. ආනයන සීමා පනවද්දී රට තුළ අවුරුදු දෙකකට සරිලන වාහන තිබූ බවද එහිදී ඇමැතිවරයා සදහන් කර තිබේ.

අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත්තේ විපක්ෂ නායකවරයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

එහිදී අදහස් දැක්වූ කබ්රාල් අමාත්‍යවරයා ,

'' විනිමය අනුපාතය මත ඇති වූ දැඩි පීඩනය සමනය කිරීමට උපයෝගී කරගත් පියවරක් ලෙස තමයි මෝටර් රථ ඇතුළු තෝරාගත් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයන සීමා කළේ. ආනයන සීමා පැනවීමට පෙර නැව්ගත කළ වාහන වරායේ ගොඩ ගැසී තිබීම නිසා ඇතිවූ තදබදය සමනය කළා. අපට හැකි අවස්ථාවල ආනයනකරුවන්ට සහන සලසා දුන්නා.

මේ වසර අවසානය වෙද්දී ඒ ගැන සලකා බලන්න පුළුවන්. මේ ආනයන සීමා පනවා තියෙන්නේ තාවකාලිකවයි. 2014 දී ලංකාව ගෙවීමට තිබූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප්‍රමාණය බිලියන 05 ක් . රටේ සංචිත ප්‍රමාණය බිලියන 8 ක් සහ පොලී අනුපාතය 5.71% ක්. එසේම පොලිය ලෙස ගෙවීමට සිදු වූ ප්‍රමාණය මිලියන 285 ක්. ඒ සඳහා වෙන් කිරීමට සිදු වූ මුදල බිලියන 37.3 ක්. මෙරට ජාත්‍යන්තර බැඳුම්කරවල ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව 6.73 ක් පමණ වුණා '' යනුවෙන් සදහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us