සුවිශේෂී සාකච්ඡා කිහිපයක් වෙනුවෙන් පාකිස්ථාන අගමැති අද ජනාධිපති හමුවට

Published in පුවත්
Wednesday, 24 February 2021 11:25

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද (24) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවීමට නියමිතයි. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.

මේ අතර අද දිනයේ දී සුවිශේෂී සාකච්ඡා කීපයක් ම පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා – පාකිස්ථානු මිත්‍ර සබඳතා ශක්තිමත් කරමින් පාකිස්ථානයේ 22 වැනි අගමැතිවරයා වන ඉම්රාන් ඛාන් මැතිතුමාගේ ශ්‍රී ලංකා නිළ සංචාරය ඊයේ (පෙබරවාරි 23) සිදුවිය. අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු ඔහු ශ්‍රී ලංකාවට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව නිරන්තරයෙන්ම සමීප,සුහද හා අන්‍යෝන්‍ය සහයෝගීතා සබඳතා පවත්වා ගෙන යන මිත්‍රශීලී අසල්වාසීන් වෙන්නේ 1948 සිටමය. දෙරට අතර ජාත්‍යන්තර හා කලාපීය කාරණා සම්බන්ධයෙන් පොදු අදහස් හුවමාරු කරගැනීම නිරන්තරයෙන්ම සිදුවන්නේ ගැටලුවකින් තොරවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ සාර්ක් ඇතුළු ජාත්‍යන්තර හා කලාපීය වේදිකාවල ද දෙපාර්ශ්වයම සමීපව කටයුතුකරන අයුරු මනාව දැකගත හැකිය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us