මෛත්‍රිපාලට නඩු පවරනවාද? නැද්ද ? තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය සතුයි.

Published in පුවත්
Saturday, 27 February 2021 09:54

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට නඩු පවරනවාද? නැද්ද? යන්න පිළිබඳව අවසන් තීන්දුවකට එළැඹිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයකට අනුව බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ඊයේ (25 වැනිදා) ප්‍රකාශ කර තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව අපරාධ නඩු පැවැරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බව පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ලද ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙන් නිර්දේශ කර තිබිණි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට නඩු පවරන්නේ දැයි අධිකරණ අමාත්‍යාංශයේ ඊයේ (25 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අධිකරණ ඇමැති අලි සබ්රි එසේ ප්‍රකාශ කළේය.

‘මේක නීතිමය කාරණයක්. ජනාධිපතිවරයකුට සිය ධුර කාලයෙන් අනතුරුවද මුක්තිය හිමි වන්නේදැයි සොයා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ලබාගත යුතු වෙනවා. එම නිසා හිටපු ජනාධිපතිවරයාට පාස්කු කොමිසමේ නිර්දේශ පරිදි නඩු පැවැරීමක් කරනවාද? යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ලබාගැනීමෙන් පසු තීරණය කළ හැකි යැයි අධිකරණ ඇමැති අලි සබ්රි පැවැසීය.

-පංචාලි අබේසේකර

Last modified on Saturday, 27 February 2021 09:56

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us