ප්‍රදේශ කිහිපයක වාර්තා වූ භූ කම්පන තත්ත්වයන් අධ්‍යනයට ජාත්‍යන්තර සහය  

Published in පුවත්
Saturday, 27 February 2021 13:09

පසුගිය කාලය පුරා දිවයිනේ ප්‍රදේශ කිහිපයක වාර්තා වූ භූ කම්පන තත්ත්වයන් සම්බන්ධයෙන් අධ්‍යනයට ජාත්‍යන්තර සහය ලබා ගැනීමට තීරණය කර තිබේනවා.

මේ සදහා ඕස්ට්‍රේලියාව සහ කැනඩාව යන රටවල විද්වතුන් ඊට සම්බන්ධ කර ගන්නා බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල ප්‍රකාශ කර ඇත්තේ.
එම අධ්‍යන වාර්තා සහ මෙරට විද්වතුන්ගේ අධ්‍යන වාර්තා සැලකිල්ලට ගෙන ඉදිරි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව ද ඔහු ප්‍රකාශ කර තිබේ.

ඉකුත් මාසයේ 31 වැනි දා සිට සති දෙකක් තුළ බදුල්ල, ලුණුගල, ඇකිරිය ප්‍රදේශයේ භූ චලන 3 ක් වාර්තා විය. මීට අමතරව මාස 3 ක් ඇතුළත මහනුවර, දිගන ප්‍රදේශය ආශ්‍රිතව වාර්තා වූ භූ චලන සංඛ්‍යාව 9 කි.
පානමට ඔබ්බෙන් මුහුදේ භූ චලනයක් ද වාර්තා වූයේ පසුගිය 19 වැනි දාය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us