‘විශේෂ භාණ්ඩ හා සේවා බද්ද’ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කෙරේ  

Published in පුවත්
Monday, 01 March 2021 09:53

රජය මගින් හඳුන්වා දීමට සූදානම් වන ‘විශේෂ භාණ්ඩ හා සේවා බද්ද’ රැස්කිරීම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කර ඇතැයි දේශීය ආදායම් සේවා සංගමය ප්‍රකාශ කරයි.

එම සංගමයේ ලේකම් එච්. ඒ. එල්. උදයසිරි ‘අරුණ’ ට සඳහන් කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විෂය පථය යටතේ දැනට බදු රැස්කරන භාණ්ඩ හා සේවා රැසක් ඒකාබද්ධ කරමින් හඳුන්වා දෙන මෙම නව බද්ද රැස්කිරීම සිය දෙපාර්තමේන්තුවේ විෂය පථයෙන් ඉවත් කිරීම හේතුවෙන් එහි ආදායමින් රුපියල් බිලියන 400 ක් පමණ අහිමි වන බවයි.

2021 අයවැයෙන් රජය විසින් හඳුන්වා දීමට යෝජනා කර ඇති මෙම නව භාණ්ඩ හා සේවා බද්ද ලබන අප්‍රේල් මාසයට පෙර නීතිගත කරන බව මුදල් ලේකම් එච්. ආර්. ආටිගල පසුගිය සතියේ සඳහන් කළේය. දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් බදු රැස්කරන මත්පැන්, දුම්වැටි, විදුලි සන්දේශ සේවා, මෝටර් රථ සහ කැසිනෝ වැනි භාණ්ඩ හා සේවා රැසක් ඒකාබද්ධ කරමින් මෙම නව බද්ද හඳුන්වා දීමට නියමිතය. එම බදු ප්‍රමාණය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වාර්ෂිකව රැස්කරන සමස්ත බදු ප්‍රමාණයෙන් 50% කට ආසන්න වේ.

‘‘දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මේ වර්ෂයේ බදු ආදායම් රැස්කිරීමේ ඉලක්කවලින් රුපියල් බිලියන හාරසීයක් අයින් කරලා තමයි අපිට ඉලක්ක ලබාදීලා තියෙන්නේ. අපිට වාර්තා වෙන ආකාරයට මුදල් අමාත්‍යංශයේ වෙනම ඒකකයකට තමයි මේ බද්ද රැස්කිරීම බාර කරන්න යන්නේ. මේ බදු ප්‍රමාණය නැතිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මේ අවුරුද්දේ බදු ඉලක්කය රුපියල් බිලියන හාරසිය පනහකට විතර සීමා වෙනවා. අපිට තියෙන ප්‍රශ්නය නිශ්චිත බදු රැස්කිරීමේ යාන්ත්‍රණයක් තියෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මේ නව බද්ද රැස්කිරීම ඉවත් කරලා එය කාර්යක්ෂමව රැස්කරන්නේ කොහොමද කියන එක. වෙන තැනකට ඒක දෙන්නේ ඇයි? වෙනත් තැනක මේක රැස්කරන්න ගිහින් අසාර්ථක වුණොත් කවුද ඒකේ වගකීම ගන්නේ?’’ යැයි දේශීය ආදායම් සේවා සංගමයේ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රශ්න කළේය.

2019 දී වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව සිදුකළ අසාර්ථක බදු සංශෝධනයේදී රුපියල් බිලියන 300 ක පමණ බදු අහිමිවීමක් සිදුවූ අතර, මෙම නව උත්සාහය ඔස්සේ මෙවැනිම බදු අහිමිවීමක් සිදුවිය හැකි බවද එම සංගමය පෙන්වා දෙයි. මේ පිළිබඳව ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාද කඩිනමින් ලිඛිතව දැනුවත් කරන බවද ලේකම් උදයසිරි සඳහන් කළේය.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us