සෞඛ්‍ය විෂය මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක සංවෘත සේවාවක් කිරීමට අගමැතිගෙන් උපදෙස්

Published in පුවත්
Tuesday, 02 March 2021 11:15

සෞඛ්‍ය විෂය මධ්‍යම රජයෙන් ක්‍රියාත්මක වන සංවෘත සේවාවක් ලෙස නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට ඇතුළත් කරන ලෙස ඊයේ (01) පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් ලබා දී ඇත.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාව අතරතුර එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය කළ ඉල්ලීමකට අග්‍රාමාත්‍යවරයා මෙලෙස එකඟත්වය පළ කර තිබේ.

සෞඛ්‍ය සේවය සහ වෛද්‍යවරුන් හමුවේ පවතින ගැටලු හා එම ගැටලු විසඳා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කරන යෝජනා මෙම හමුවේ දී සාකච්ඡාවට ගැණිනි.

රජයේ වෛද්‍ය පීඨයකින් මේ වන විට බිහිවන වෛද්‍යවරුන්ගේ වයස් සීමාව බොහෝවිට අවුරුදු 28 හෝ 30කට ආසන්න වන බව විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය පෙන්වා දී ඇත.

මේ පිළිබඳව වූ යෝජනා සලකා බලා රජයේ වෛද්‍ය පීඨයකින් බිහිවන වෛද්‍යවරයෙකුගේ වයස් සීමාව අවුරුදු 22 හෝ 23 දක්වා අඩුකර ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය හා ඒකාබද්ධව වැඩපිළිවෙළක් සකස් කරන්නැයි එහිදී අග්‍රාමාත්‍යවරයා බලධාරීන්ට දැනුම් දී තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා අදහස් පළ කරමින් සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදීත් උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීම සඳහා වන නව යෝජනාවක් අමාත්‍ය මණ්ඩල අනුමැතියට ලබන සතියේ යොමු කරන බව කියා සිටියේ ය. ඒ අනුව දරුවන්ගේ අධ්‍යාපනයට වැඩිපුර ගත වූ මාස 9ක කාලයක් අඩුකර ගැනීමට අපේක්ෂා කරන බව හෙතම පැවසී ය.

විශේෂඥ වෛද්‍යවරුන්ට අමතරව සියලු ම වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 62/63 දක්වා දීර්ඝ කිරීම පිළිබඳව ද එහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු විය. ඒ අනුව ඉදිරියේ දී අවශ්‍ය සංශෝධන සඳහා සාකච්ඡා මාර්ගයෙන් ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

-පංචාලි අබේසේකර

m1m2m3m4

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us