දූෂණ සෙවීමේ ජනපති කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය

Published in පුවත්
Tuesday, 02 March 2021 11:57

පසුගිය ආණ්ඩුව සමයේ රාජ්‍ය ආයතනවල සිදුවූ බව කියන දූෂණ වංචා පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේනවා.

ඊයේ (01) රාත්‍රියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර එහිදී එම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර තිබේ.

2015 වසරේ ජනවාරි මස 15 වනදා සිට 2018 වසරේ දෙසැම්බර් 31 දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇති බව කියන දූෂණ වංචා පිළිබඳ සොයාබැලීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පසුගියදා ජනාධිපතිවරයා වෙත භාර දී තිබුණි.

ඒ අනුව එළඹෙන පළමු පාර්ලිමේන්තු සැසිවාරයේදී එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර විවාදයට ගැනීමට නියමිතය.

එමෙන්ම දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිෂන් සභා වාර්තාවද එම පළමු සැසිවාරයේදී විවාදයට ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බවද අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us