රජය ගොවි බිමටම ගොස් වී මිලදී ගන්න සුදානමින්

Published in පුවත්
Thursday, 04 March 2021 12:43

ගොවි බිමටම ගොස් වී මිලදී ගැනීමේ මසක ජාතික ක්‍රියාන්විතයක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව මාර්තු 8 වනදා සිට අප්‍රේල් 7 වනදා දක්වා මෙය ඇරඹේ.

රජයට වී සංචිතයක් පවත්වා ගැනීම සදහා තරගකාරී මිලට වී මිලදී ගැනීමට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ තීරණය කර ඇත. එම කටයුතු වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණිනුයි වී මිලදි ගැනිමේ මසක කාලයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ. මෙම කාලය තුල වී මෙට්‍රික් ටොන් ලක්ෂ 2 ක් ගොවි බිමටම ගොස් මිලදී ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

අනුරාධපුරය, මඩකලපුව, අම්පාර, පොළොන්නරුව, හම්බන්තොට, කුරුණෑගල යන දිස්ත්‍රික්ක 6 ට මෙහිදි ප්‍රමුඛතාව ලබාදී තිබෙනවා. වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරවරුන් 6 දෙනෙකු සහකාර ප්‍රාදේශීය කළමනාකරවරුන් 60 දෙනෙකු සහ කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරීන් 300 දෙනෙකු මෙම ක්‍රියාන්විතයට එක්වනු ඇති.

මේ සදහා ලොරි රථ 60 ක් යොදා ගෙන දෛනිකව වී මෙට්‍රික් ටොන් 6000 ක් ගොවියාගෙන් තරගකාරී මිලට වී මිලදී ගැනීම සැළසුමයි.

තෙත වී මිලදී ගැනීමටත් ඒ මොහොතේම ගොවියාගේ අතට මුදල් ගෙවීමටත් පියවර ගන්නා ලෙසයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ උපදෙස් දී ඇත්තේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us