බදුල්ල රෝහලේ පිළිකා වාට්ටු සංකීර්ණයේ 34 කට කොවිඩ්

Published in පුවත්
Friday, 05 March 2021 13:21

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටු සංකීර්ණයේ 34 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.

ඊයේ (04) ලැබී ඇති PCR ප්‍රතිඵල අනුව එම ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර රෝගීන් 22ක්, රෝගීන් බලාගන්නා සහායකයින් 7 දෙනෙකු, කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ දෙදෙනෙක්, හෙද නිලධාරීන් දෙදෙනෙක් සහ වෛද්‍යවරියක් ආසාදිත පිරිස අතරට අයත් ය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේ මීට පෙර රෝගියෙක් සහ හෙද කාර්යමණ්ඩල සාමාජිකයෙක් කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමත් සමග අනෙකුත් පිරිසගේ PCR පරීක්ෂණ සිදුකර තිබූ බවය.

ඒ අනුව මේ වනවිට බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටු සංකීර්ණය වසා දමා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීමට පියවරගෙන ඇති අතර කාර්යමණ්ඩල සාමාජිකයින් නිවෙස් තුළ නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන පිළිකා රෝගීන් සඳහා බාහිර රෝගී අංශයේදී ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව වෙනත් වාට්ටු වෙත ඇතුළත් කිරීමට තාවකාලිකව පියවර ගෙන ඇති බවද වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

කොවිඩ් වෛරසය රෝහල තුළ පැතිර ඇති ආකාරය පිළිබඳව නිගමනයකට පැමිණීම සඳහා මේ වනවිට අවශ්‍ය පියවරගෙන ඇති බවද ඔහු පැවසීය.

පිළිකා රෝගීන් තුළ මෙම වෛරසය පැතිරයෑම බරපතළ තත්ත්වයක් වියහැකි බවත් ඒ හේතුවෙන් වෛරසය ඇතුළු වූ ආකාරය සොයාගෙන කඩිනමින් පියවරගත යුතුව ඇති බවද වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

මේ වනවිට පිළිකා වාට්ටු සංකීර්ණයේ රෝගීන් 150ත් 200ත් අතර පිරිසක් ප්‍රතිකාර ලබන බවද ඔහු පැවසීය.

"බදුල්ල රෝහලේ සියලුම කාර්යමණ්ඩල සාමාජිකයින්ට අපි කොවිෂිල්ඩ් එන්නත ලබාදුන්නා. පළමු මාත්‍රාවෙන් ආරක්ෂාව ලැබෙන්නේ 65% සිට 90% දක්වා උපරිමයකටයි. එන්නත ලබාගත්තත් නාසයේ කොටස් තුළ වෛරසය වර්ධනය වෙන්න පුළුවන්. ඒ හරහා වෛරසය පැතිරෙන්නත් පුළුවන්. ඒ නිසා තමයි උපදෙස් දුන්නේ එන්නත ලබාගත්තත් සෞඛ්‍ය පුරුදු ඒ අයුරින්ම කරගෙන යන්න කියලා," යනුවෙන් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසීය.

රෝහලේ ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක, සායන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන අතර රෝහලේ සමස්ත සේවා කටයුතු බිඳවැටීමක් නොමැති බවද වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us