කිරිපිටි හා ගෑස් මිල වැඩි කරන ලෙස කල ඉල්ලීම ප්‍රතික්ෂේප වේ

Published in පුවත්
Saturday, 06 March 2021 09:39

කිරිපිටි හා ගෑස් මිල වැඩි කරන ලෙසට සමාගම් කර තිබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබෙනවා.

කිරිපිටි සමාගම් තුනක් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 40කින්ද , කිලෝග්‍රෑමයක පැකට්ටුවක් රුපියල් 100කින්ද මිල වැඩි කිරීමට අවසර ඉල්ලා තිබුණු නමුත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගිය සිකුරාදා (05 වැනිදා) එම සමාගම්වලට දැනුම් දී ඇත්තේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි.

ඒ වෙනුවට සහනයක් ලෙස මුදල් අමාත්‍යාංශය විසින් කිරිපිටි ආනයනය කිරීමේ දී පනවා තිබූ වරාය හා රේගු නිෂ්කාශන බද්ද 7.5% සිට 2.5% දක්වා අඩු කිරීමට රජය පියවර ගෙන ඇත.

මෙම වසර අවසන් වන විට කිරිපිටි ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීමටද පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මාධ්‍ය හමුවකදී සදහන් කර ඇත. මේ අතර ලාෆ් ගෑස් සමාගම ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 400කින් වැඩි කරන ලෙසට කළ ඉල්ලීමක්ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තාවකාලිකව ප්‍රතික්ෂේප කර ඇත. නමුත් ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම, ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාම හේතුවෙන් ගෑස් මිල වැඩි කළ යුතු බව සමාගම පෙන්වා දී තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us