අශොක් අබේසිංහ අදත් සී.අයි.ඩිය මඟහරි

Published in පුවත්
Tuesday, 09 March 2021 09:20

පාස්කු ප්‍රහාරය සිදුකළ පුද්ගලයින් හා ඔවුන්ට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව අන්දෝලත්මක ප්‍රකාශයක් සිදු කළ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශොක් අබේසිංහට අද (09) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දුන්නද ඔහු අද දිනයේ පැමිණ නොමැති බවයි වාර්තා වෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අශොක් අබේසිංහ සිදුකළ ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

අදාළ ප්‍රකාශය ද්වේෂ සහගත සහ අසත්‍ය ප්‍රකාශයක් බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 06 දෙනෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා සදහන් කර ඇත්තේ අද දින පාර්ලිමේන්තු දිනයක් හේතුවෙන් පැමිණිමට නොහැකි බවයි. ඊයේ දිනයේද මන්ත්‍රීවරයට සී.අයි.ඩි යට පැමිණෙන ලෙස දැනුම් දී තිබුනද ඔහු ඊයේ දිනයද මගහැර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කරයි.

මේ අතර අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා නිශ්ශංක සේනාධිපති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us