මෙරට පොල් කටු අඟුරු යුරෝපීය වෙළෙඳපොළට අපනයනය කිරීමට පියවර

Published in පුවත්
Tuesday, 09 March 2021 12:02

පරිසර හිතකාමී ලෙස පොල් කටු අඟුරු නිෂ්පාදනය කර සක්‍රීය කාබන් ලෙස යුරෝපීය වෙළෙඳපොළට අපනයනය කිරීමේ නව ක්‍රමවේදයක් සකස් කිරීමට පොල් සංවර්ධන අධිකාරිය අවධානය යොමුකර තිබෙනවා.

මේ සඳහා පොල්කටු දහන උදුන් ඉදි කිරීම සඳහා ජනතාව යොමු කරවීමට එම අධිකාරිය බලාපොරොත්තු වේ.

පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ පී.එදිරිමාන්න සදහන් කරන්නේ පොල් කටු පුලුස්සා පොල් කටු අඟුරු නිෂ්පාදනය වර්තමානයේද සිදු කෙරුණද, එය බොහෝ දුරට සිදු කෙරෙන්නේ පරිසර හිතකාමී අයුරින් නොවන බවත්, මෙම අවිධිමත් ක්‍රමවේදයන් නිසා කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ් ආදී අහිතකර වායු පරිසර පද්ධතියට එකතු වන බවත්ය.
එ අනුව පරිසර හිතකාමී ලෙස පොල් කටු අඟුරු නිෂ්පාදනය කිරීම සඳහා පොල් සංවර්ධන අධිකාරිය අවධානය යොමුකර ඇත.

මෙරට පොල්කටු අඟුරු සඳහා විදේශීය වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් පවතින බවත්, මෙලෙස පොල්කටු අඟුරු නිෂ්පාදනය කිරීම මගින් දැනට වඩා තුන් හතර ගුණයක ආදායමක් ඉපැයීමේ හැකියාව පවතින බවත් පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us