රන්ජන් -හර්ෂණ සෙල්ෆිය නිසා ජේලර්වරයාගේ වැඩ තහනම් කෙරේ !  

Published in පුවත්
Tuesday, 09 March 2021 16:10

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් මේ වන විට බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක බැලීමට ගොස් එහිදී ලබාගත් “සෙල්ෆි“ ඡායාරූපයක් සිය ෆේස්බුක් පිටුවේ පළ කිරීම හේතුවෙන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේනවා.

අදාළ ජේලර්වරයාගේ වැඩ තහනම් කරනු ලැබුවේ, මන්ත්‍රීවරයාට සිය ජංගම දුරකථනය රැගෙන බන්ධනාගාරය තුළට ඇතුළු වීමට ඉඩලබා දීම නිසා බවයි
බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු බන්ධනාගාර කොමසාරිස්වරයා,

“මෙම අවස්ථාවේදී මෙම සිරකරුවා පෙන්වීම බන්ධනාගාර අධිකාරිවරයා ජේලර්වරයකු ට භාර දීල තිබෙනවා. විශේෂයෙන්ම බන්ධනාගාරයට ඇතුළත් වෙනකොට සියලුම පුද්ගලයෝ තමන්ගේ අතේ තිබෙන දේවල් නිරාවරණය කරලා බන්ධනාගාරයට භාර දිය යුතුයි. නමුත් මෙම අවස්ථාවේදී මෙම මන්ත්‍රීවරයා ජංගම දුරකථනය විශේෂ කාර්ය බලකාය සෝදිසි කිරීමේදී ඔහු ඒක භාරදීලා නැහැ. විශේෂයෙන්ම මෙහිදී කියන්න ඕනේ මන්ත්‍රීවරුන් අපි බන්ධනාගාරයට ඇතුළු වෙනකොට බොඩි සර්ච් එකක් කරන්නේ නැහැ. ඉතින් ඒ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණහම ඒ ගෞරවය අපි රකින්න ඕනේ. විශේෂයෙන්ම පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ බන්ධනාගාර ආඥා පනතේ ඒ බලතල අනුව මන්ත්‍රීවරයෙකුට බන්ධනාගාරයේ විසිට් කිරීම අවස්ථාව තිබෙනවා.“

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us