පාස්කු විවාදය තව සුළු මොහොතකින් පාර්ලිමේන්තුවේදී

Published in පුවත්
Wednesday, 10 March 2021 10:12

පාස්කු කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. අද පෙරවරු 11.00 සිට පස්වරු 05.30 දක්වා මෙය විවාදයට ගැනෙනු ඇත.

මෙම සතියේ පාර්ලිමේන්තුව දින දෙකකට පමණක් සීමා කෙරෙන අතර අද එහි දෙවන දිනයයි.

කෙසේවෙතත් එම විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට ද සැලසුම් කර ඇති බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසම එහි වාර්තාව පසුගියදා ජනාධිපතිවරයා, තෛනිකායික මහනායක හිමිවරුන්, කාදිනල් හිමිපාණන් ඇතුළු පාර්ශව කිහිපයක් වෙත භාර දෙනු ලැබීය.

අනතුරුව එය අමාත්‍ය මණ්ඩලයට ද ඉදිරිපත් කළ අතර එහිදී මීට අදාළව විවාදයක් ලබා දීමට තීරණය කෙරුණි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us