සහරාන් යටතේ මරාගෙන මැරෙන පුහුණුව ලැබූ කාන්තාවන් දෙදෙනක් නිදැල්ලේ  

Published in පුවත්
Thursday, 11 March 2021 10:17

සහරාන් හෂීම් යටතේ මරාගෙන මැරෙන පුහුණුව ලැබූ කාන්තාවන් දාහත්දෙනා අතුරින් දෙදෙනෙක් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැතැයි මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර ඊයේ (10 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැසුවේය.

මෙසේ මරාගෙන මැරෙන ප්‍රහාරයන් සඳහා සහරාන් ඉදිරියේ ප්‍රතිඥා (බයියත්) දුන් කාන්තාවන් අතරින් පස්දෙනෙක් මේ වන විට මියගොස් ඇති අතර තිදෙනකුට චෝදනා ගොනු කර බන්ධනාගාරගත කර ඇතැයිද ඇමැතිවරයා කීවේය. තවත් හත්දෙනෙකු අත්අඩංගුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා. ඉතිරි දෙදෙනා අත්අඩංගුවට ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා යැයිද ඇමැතිවරයා කීය.

එමෙන්ම පාස්කු දින ප්‍රහාරය පිටුපස සිටි ප්‍රධානතම මූලධර්මවාදියා මෙන්ම සහරාන් හෂීම් ප්‍රචණ්ඩකාරීත්වයට යොමු කළ පුද්ගලයකු ලෙස කටාර්හිදී අත්අඩංගුවට ගත් මොහොමඩ් නවුෆර් හඳුනාගෙන ඇතැයි ද ඇමැතිවරයා කියයි.

පාස්කු දින ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමැතිවරයා පැවැසුවේ වසර ගණනාවක් කටාර් රාජ්‍යයේ සිටි මොහොමඩ් ඊබ්‍රාහීම් මොහොමඩ් නවුෆර් නමැත්තා 2016 සිට සහරාන් සමග සමීපව කටයුතු කර ඇති බවයි. අයි එස් නායක අබුබක්කර් අල් බැග්ඩෑඩිගේ මතවාදයට සහරාන් සම්බන්ධ කිරීමට නවුෆර් සැලකිය යුතු කාර්ය භාරයයක් සිදුකර ඇති බවට විමර්ශනවලදී හඳුනාගෙන ඇති බවද හෙතෙම කීවේය.

ප්‍රහාරයට ප්‍රථම සහරාන් ඇතුළු ඝාතකයන් තමන්ගේ නායකයා අබුබක්කර් අල් බැග්ඩෑඩි බවට ප්‍රතිඥාවක් දී මෙම ප්‍රහාරය සිදුකරන්නේ ඉස්ලාම් රාජ්‍යයක් වෙනුවෙන් බවට සපථකර ඇතැයිද ඒ අනුව අන්තවාදී මතවාදයන් සමග පෝෂණය වූ එම ප්‍රහාරකයන් පාස්කු ප්‍රහාරයට දින කිහිපයකට පෙර තමන් මෙම ප්‍රහාරය IS සංවිධානයේ අරමුණ වෙනුවෙන් සිදුකරන බව සපථ කරමින් කොළඹදී වීඩියෝ පටයක් නිකුත් කිරීමට කටයුතු කර ඇතැයිද ඇමැතිවරයා කීවේය.

දැනට අත්අඩංගුවේ සිටින විවිධ තරාතිරමේ පුද්ගලයන් හා ස්වයං ඝාතකයන් අතර දුරකතන සම්බන්ධතා හඳුනාගෙන තිබෙන අතර ඔවුන් වයිබර් වට්ස්ඇප් වැනි මෘදුකාංග මගින් සබඳතා පවත්වා ඇත.

බොහෝ මද්‍රසා පාසල්වල නිසි ක්‍රමවේදයක් නොමැති බවද ලංකාවේ උපදින සියලු දරුවන්ට අවුරුදු 05 සිට 16 දක්වා රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුව අධ්‍යාපනය ලබා දිය යුතු බවද තමන් අවධාරණය කරන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව කටයුතු නොකරන සියලුම පාසල් තහනම් කිරීමට අප කටයුතු කරනවා. අනෙකුත් මද්‍රසා පාසල් නියාමනය කිරීමට කටයුතු කරනවා. ඒ වගේම ජාතික ආරක්ෂාවට වර්තමානයේදී සහ ඉදිරියේදී විය හැකි තර්ජන හඳුනාගෙන ඒවා වැළැක්වීමටත් බුර්කාව පැලඳීම තහනම් කිරීමටත් කඩිනමින් කටයුතු කරනවායැයි ඇමැතිවරයා පැවැසුවේය.

අල්වලාවල්බරා න්‍යාය හෙවත් මුස්ලිම්වරුන්ට පක්ෂපාතී වීම සහ මුස්ලිම් නොවන අයට දේශන කිරීමට පොලඹවන වහාබ් ආයතන තහනම් කරන බවද සරත් වීරසේකර ඇමැතිවරයා කීවේය.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us