මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයට මානව සම්පත් සංවර්ධන සැලැස්මක්

Published in පුවත්
Friday, 12 March 2021 09:54

මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රයේ කටයුතු සඳහා මානව සම්පත් සංවර්ධන සැලැස්මක් නිර්මාණය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේනවා.

ප්‍රවාහන අමාත්‍යාංශය, ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය හා ඊට අනුබද්ධිත ආයතන 07ක නිලධාරීන් එක්ව එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා මානව සම්පත් සංවර්ධන වැඩමුලු ආරම්භ කර ඇති බවයි ජාතිත ගමනාගමන කොමිශන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මෙරෙන්ඩා සඳහන් කරේ.

මෙරට මගී ජනතාවට ගුණාත්මක සේවාවක් ලබා දීම වෙනුවෙන් එම සැලැස්ම ක්‍රියාවට නංවන බව ජාතිත ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මෙරෙන්ඩා සඳහන් කර ඇත.

මේ පිළිබදව ඔහු දැක්වූ අදහස් ,

“දැනට අවස්ථා දෙකක දී අපි සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වුවා. තව ඉදිරියට පවත්වලා මාස 3ක් වගේ කාලයක දී මෙම මානව සම්පත් සංවර්ධනය සැලැස්මක් අපි ප්‍රවාහන ක්ෂේත්‍රයට හදනවා. මෙහිදී මුලිකත්වය ගන්නේ, රාජ්‍ය අමාත්‍යාංශ හා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් තුමන්ලා හා අතිරේක ලේකම්වරු සහභාගී වෙනවා. ඊට අමතරව සියලුම ප්‍රවාහන අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතන 7 සභාපතිවරු, ප්‍රධාන විධායක නිලධාරීන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ හා මානව සම්පත් අංශ භාර ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් තමයි මේ වැඩමුළුව පවත්වන්නේ. මෙයින් බලාපොරොත්තු වෙන්නේ ගුණාත්මක සේවයක් ප්‍රවාහන ක්ෂේත්‍රයට ලබාදෙන්න'' යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us