අසාද් සාලිව වහා අත්අඩංගුවට ගන්න ! පූජ්‍ය බෙංගමුවේ නාලකහිමි අවධාරණය කරයි

Published in පුවත්
Friday, 12 March 2021 11:20

ජාතික පෙරමුණේ නායක අසාද් සාලි පසුගියදා සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගැනීමට වහාම පියවර ගතයුතු බව ජාතික සංවිධාන සම්මේලනයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ප්‍රකශ කර තිබෙනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ අසාද් සාලිට එරෙහිව විධිමත් විමර්ශනයක් සිදුකළ යුතු බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි එම අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වු උන්වහන්සේ,

“රජය මේ වෙනුවෙන් නිහඬව නොසිටිය යුතුයි. බොහොම පැහැදිලිව කියන්නේ මෙයා ගැන අපරාධ විමර්ශන අංශය යොදවලා පරීක්ෂණයක් කරලා, මේ වගේ ප්‍රකාශවලට දඬුවම් දෙන්න ඕනේ. එයා අවධාරණය කළේ මුස්ලිම් අය මුස්ලිම් නීතිය යටතේ මේ රටේ කටයුතු කරන්න ඕනේ කියන එක. එහෙම ඉඩදෙන්න බෑනේ. අපි ආදර්ශයට ගන්න ඕනේ රුසියාවේ ජනාධිපති පුටින්. මුස්ලිම් අයට කිව්වා ඔයගොල්ලෝ ආවේ අපි කියලා නෙමෙයි ඔයගොල්ලන්ගේ උවමනාවට මෙහාට ආවනම් මෙහෙ තියෙන නීතිරීතියට සංස්කෘතියට යටත්ව ඉන්න ඕනේ නැත්නම් යන්න පුළුවන්. ඒ වගේ තමයි අසාද් සාලිටත් කියන්න තියෙන්නේ මේ රටේ නීතියට යටත්ව කටයුතු කරනවා මිසක් මුස්ලිම් නීතියක් අටවාගෙන මෙහෙ කටයුතු කරන්න ඒ අයට අයිතියක් නෑ කියන එක. එහෙම බෑ. ඒක වැරදියි. අසාද් සාලි වගේ අය මේ රටේ ජීවත් වුණාට කමක් නෑ. මට කියන්න බෑ ජීවත්වෙන්න එපා කියලා. මේ රටේ ඉපදුන කෙනෙක් නේ. හැබැයි ඒ අයට අවශ්‍ය විදියේ නීති සම්මත කරගෙන ඒවා අනුව කටයුතු කරන්න ඉඩදෙන්න බෑ. ඒක රටට අහිතකරයි. ඒ වගේ කටයුතු කරන්න ගියාම ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතිනම් සාමාන්‍ය මිනිස්සු නීතිය අතට ගන්න ඉඩ තියෙනවා.“

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us