තම පවුල තුළ කිසිවෙකුටත් අර්බුද නිර්මාණය කරන්න බැහැ - ජනපති

Published in පුවත්
Saturday, 13 March 2021 10:25

විවිධ පුද්ගලයින් තම පවුල තුළ අර්බුද නිර්මාණය කිරීමට උත්සහ ගන්නා නමුත් එවැනි අර්බුද තම පවුල තුළ නිර්මාණය කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කර තිබේ.

ජනාධිපතිවරයා මෙම අදහස් පළකලේ ඊයේ (12) පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදය සමග ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය.

එහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“අපි සමස්තයක් විදියට එකට ක්‍රියාත්මක වුණොත් තමයි රජයක් සාර්ථක කර ගන්න පුළුවන් වෙන්නේ. මහින්ද රාජපක්ෂ මහතා අපේ විතරක් නෙමෙයි මුළු ආසියාවේ ම ශ්‍රේෂ්ඨ නායකයෙක් බව කවුරුත් දන්නවා. එතුමාගේ ප්‍රබුද්ධ දේශපාලන දැනුමට කිසිවෙකුට ළං විය නොහැකියි. එවැනි නායකයෙක් නායකත්වය දෙනකොට රට ගෙනියන මට විශාල සහනයක් කියලා හිතෙනවා. අපි ජයග්‍රහණය කිරීමේ දී ප්‍රධානම සාධකය මහින්ද රාජපක්ෂ කියලා මට හිතෙනවා. ඒ වගේම බැසිල් රාජපක්ෂ රජයක් බිහි කරලා රජයක් නිර්මාණය කරන්න රටේ වාතාවරණය සකස් කිරීම ගැන අවිවාදයෙන් පිළිගන්න ඕනේ. මෙවැනි නායකයින් දෙදෙනෙක් ඉන්න රජයක් ඉදිරියට ගෙනයෑමට ඉතාම පහසුයි. ඒ නායකත්ව දෙකම රජයක් ගෙනයෑමේ දී මම බලාපොරොත්තු වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා කොපමණ දේශපාලන පරිණතභාවයෙන් යුක්තද කියන්නේ මට කිසිම අවස්ථාවක දී කිසිම බලපෑමක් කරලා නෑ කිසිදු පත්වීමක දී. මම හොඳටම දන්නවා එතුමා කිහිපදෙනෙකුට කියලා තියෙනවා ගෝඨාට මේක කරගෙන යන්න දෙන්න කියලා. ඒ වගේම බැසිල් රාජපක්ෂ මහතාත් කිසිදු අවස්ථාවක දී කිසිදු බලපෑමක් කිසිදු පත්වීමට හෝ කිසිදු දේකට. විශේෂයෙන් අවුරුදු 60කට ආසන්න කාලයක් දේශපාලනය කරපු නායකයෙක් වෙනකොට ඔහු වටා විශාල පිරිසක් එකතු වෙනවා. මම දන්නවා විජේරාමයේ දොරක් අරින්න බෑ පිරිලා සෙනඟ. එතුමාගේ අපහසුතාවයත් මම හොඳාකාරව දන්නවා නමුත් අපි කිසිම විටක අර්බුදයක් නැතුව මේ රට ගෙනියනවා කියලා මම නිර්භයව කියනවා. “ යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us