ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට විරුද්ධව ඉතාලි ශ්‍රී ලාංකිකයන් පාරට බසී !

Published in පුවත්
Monday, 15 March 2021 11:29

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවට විරෝධය පළ කරමින් ඉතාලියේ මිලානෝ නගරයේදී විරෝධතාවක් සංවිධානය කර ඇත.

මිලානෝ චෙන්ත්‍රාලේ ප්‍රධාන දුම්රියපොළ ඉදිරිපිට පැවති මෙම විරෝධතාව සංවිධානකර තිබුණේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසිනි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී, මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එම වාර්තාව ඉදිරිපත් කර තිබුණි.

ඉතාලියේ දැනට පවත්නා දැඩි කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද ශ්‍රී ලාංකීකයින් විශාල පිරිසක් මෙම උද්ඝෝෂණය සඳහා සහභාගී වී ඇත.

නිරෝධායන නිතී රීතිවලට අනුකූලව පැවැත්වූ මෙම උද්ඝෝෂණය සඳහා පොලිස් ආරක්ෂාවද ලබා දී තිබුණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us