පළාත් සභා ඡන්දය ලඟඑන නිසා නොවෙයි රවීව අත්අඩංගුවට ගත්තේ - ජොන්ස්ටන්

Published in පුවත්
Thursday, 18 March 2021 15:19

රවී කරුණානායක ඇතුළු පිරිස අත්අඩංගුවට ගනුලැබුවේ පළාත් සභා ඡන්දය ලඟඑන නිසා නොවන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

" ඒක සම්පූර්ණ බොරුවක්. අපේ ආණ්ඩුව කැලෑ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. විපක්ෂය කිව්වෙ බැදුම්කර හොරු ඉන්නවා දඩුවම් කරන්නේ නැහැ කියලා. නමුත් ඒක නීත්‍යානුකූලව නීතියට ඉඩ දීලා නීති රාමුවේ ඉන්න නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව ඉඩ දීල තියෙන්නෙ. මේ කලබලයට ගිහිල්ල දේශපාලඥයො හවුල් නිසා දේශපාලනඥයො පිටුපස්සෙ හබා යන ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් ඉන්න ආණ්ඩුවක් නෙවෙයි අපේ ආණ්ඩුව. ඒ නිසා තමා අපි චෝදනාවට ලක් වෙන්නේ. මේක තමයි වෙනස, මේ වෙනස රටේ ජනතාව බලාපොරොත්තු වුණා. රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගත්තා.

එතකොට ප්‍රේමදාස මහත්තය කිව්වේ දේශපාලන පලිගැනීම් කියලා. පාර්ලිමේන්තුව ඇතුළෙ ප්‍රේමදාස මහත්තය කිව්වෙ ඔය කිව්වට කව්රුත් අත්අඩංගුවට ගන්නෙ නැහැ කියලා. ගත්තට පස්සෙ කියනවා පළාත් සභා මැතිවරණය ළග නිසා දේශපාලන පළිගැනීම්වලට ගන්නවා කියලා. මේ විපක්ෂයේ හිටපු හොරු ටික දෙබඩි පිළිවෙතක් ගෙනියන්නෙ. පරණ හොරු ටිකමයි ඉන්නෙ. විපක්ෂ නායකයටත් කොමිසමෙන් නඩුදාන්න කියල තියෙන්නෙ. දැන් ඒ කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට එවල තියෙන්නෙ. ඉතින් මේක අලුත් දෙයක් නෙවෙයි රටේ ජනතාව ගොනාවට අන්දවන විපක්ෂයක් අද ඉන්නෙ. .." යැයි ඔහු පවසා සිටියේ අද (18) පැවැති කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.

කෘෂිකර්ම, ජීවනෝපාය, යටිතල පහසුකම්, සමාජ යටිතල පහසුකම් සංවර්ධන සහ මහජන ආරක්ෂාව හා සමාජ සංවර්ධන අනුකමිටු පිළිබඳ සාකච්ඡා කිරීම මෙහිදී සිදුකෙරුණි. එමෙන්ම 2021 වසර තුල ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘතීන් සංවර්ධන කමිටුව වෙත ඉදිරිපත් කර ඒවා අනුමත කර ගැනීමද මෙහිදී සිදුකරන ලදි. එළඹෙන සිංහල අවුරුද්දට පෙර පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විදුලිය නොමැති පවුල් 603 ක් සදහා විදුලිය ලබා දීමට මෙහිදී තීරණය විය.

Home Shop ව්‍යාපෘතිය සදහා පාට පක්ෂ ජාති භේදයකින් තොරව සුදුසුම පුද්ගලයාව මේ සදහා තෝරාගැනීමට මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි. වනජීවි කළාප තුල ජීවත් වන ඉඩම ඔප්පු නොමැති ගම්වැසියන් හට වනසංරක්ෂණය දෙපාර්තමේන්තුවේ සහ වනජීවි අමාත්‍යාංශයේ අධීක්ෂණය මත නිරවුල් ඉඩම් ඔප්පු ලබාදීම කඩිනම් කිරීමට උපදෙස් ලබාදෙන ලදි.

ඉන් පසුව මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍යවරයා...

පසුගිය කාලයේ හදිසියේ දැකපු නැති විරෝධතාවයක් මේ සංවර්ධනය හරහා අපි දකිනවා. පසුගිය අවුරුදු 10දිම අපි දැක්කෙ නැහැ. පාරක් හදන්න ගියාම ඒකට විරෝධය ප්‍රකාශ කරනවා. ඒ වාගේම පාරට අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න හැදුවම ඒකට විරෝධය ප්‍රකාශ කරනවා. මම දකින්නේ ආණ්ඩුවේ සංවර්ධනය නතර කරන්න මේ පිටුපස කවුරු හරි ඉන්නවා කියලා. ඒ වගේම අපි දකිනවා තමන්ගෙ පෞද්ගලික ඉඩමකවත් ගොඩනැගිල්ලක් හදන්න බැරි විදියෙ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනව කියලා. ඒක ඒ තරම් හොද දෙයක් නෙවෙයි. ඒ නිසා මේව ගැන හොයන්න ඕන. කවුද මේ පිටුපස්සෙ ඉන්නෙ කියල හොයන්න ඕන. එන්.ජී.ඕ. වලට එන සල්ලි ගැන බලන්න ඕන. කොහෙන්ද ඒ මුදල් එන්නෙ කාටද ඒ මුදල් යන්නෙ කියලා රජයක් හැටියට මේ ගැන සොයා බැලිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මෙය සොයා බැලිය යුතුයි කියන තැන ඉදල රජය කටයුතු කරනවා.

දේශපාලන පළිගැනීම් පිළිබද කොමිෂන් සභාවේ ඉදිරි වැඩ කටයුතු පිළිබදව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා..

කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල තියෙනවා. ඒකට විවාදයක් අපි ඉල්ලලා තියෙනවා. විපක්ෂයෙනුත් විවාදයක් ඉල්ලලා තියෙනවා. හේතුව දේශපාලන පලිගැනීමට ලක්වුණ විශාල පිරිසක් හිටියා. ඒව හඩපටවලින් ඔවුන්ගේ කටහඩින්ම ඔප්පු උනා ඒ දේශපාලන පලිගැනීම් මොනතරම් දුරට ගියාද කියන එක. දේශපාලඥයන්ව ජීවිතාන්තය දක්වා හිරේ දාන්න, මරණීය දණ්ඩනය දෙන්න, බුද්ධි අංශය, මහා සංඝරත්නය, බැසිල් රාජපක්ෂ මැතිතුමා, මහින්ද රාජපක්ෂගෙ දරුවො ටික, රාජ්‍ය නිලධාරීන්, පොලිසියේ නිලදාරීන් වගේම මැති ඇමතිවරු වැනි මොනතරම් පිරිසකට මොවුන් කැගැහුවද.

රන්ජන් රාමනායකගෙ හෙළි වුණ හඩපටවලින් හෙළි උනා මේ රටේ විනිශ්චයකාරවරුන්ට එතුමා කතා කළා කියලා. ඒ වගේම සී.අයි.ඩී. අධ්‍යක්ෂකට, FCID අධ්‍යක්ෂකට වැනි නොයෙක් තැන්වලට මේ අය කතා කරලා තියෙනවා. ඔහු කතා කරන්නේ හොරකම් කරපුවා ගැන නෙවෙයි. හිරේට යවන්න, කඩවැඩියි, රාජපක්ෂ කෙනෙක් හිරේ දාන්න වැනි කතා කියන්නේ. අපි එයාල ගත්ත තීන්දු දැක්කා. ඒ සමහරක් තීන්දු හඩ පට වලින් එලියට ඇවිල්ලා තියෙනවා අපි දැක්කා. එලියට ආවෙ නැති කොච්චරක් ඇත්ද, මෙමගින් විපක්ෂය කටයුතු කරන ආකාරය අපිට දැකගන්න පුලුවන්. මන්ත්‍රී කෙනෙකුට ටෙලිෆෝන් එකක් අරන්න යන්න විදියක් නැහැ. ටෙලිෆෝන් එකක් අරන් ගිය නිලධාරියෙකුගෙත් වැඩ තහනම් වුණා. පස්සේ තව ටෙලිෆෝන් එකක් අහුවෙලා තියෙනවා ඒ මන්ත්‍රිවරය ඉන්න නිවාසය ගාව. විනයක් නැති මන්ත්‍රීට තමයි ප්‍රේමදාස මහත්තය නාමයෝජනා දුන්නෙ.

අද පාර්ලිමේන්තුවේ ප්‍රේමදාස මහත්තයා ඇතුළු කල්ලිය අද පෙනී හිටින්නෙ විනයක් නැති උසාවියට විවිධ බලපෑම් එල්ල කරපු දේශපාලඥයෙක් වෙනුවෙන්. ඒ වගේම ඒ දේශපාලඥයා වැරදි කාරයා උනායින් පස්සෙත් අධිකරණය දිහා බලල අපහාස කරල ගියේ. ඉතින් ඒ අපහාස කරපු අය තමයි ප්‍රේමදාස මහත්තයාට ලොකු වෙලා තියෙන්නේ. ඉතින් රන්ජන් රාමනායක නැමැති මන්ත්‍රීවරයාව ආණ්ඩු බලයේ ඉද්දිත් පාවිච්චි කෙරුවා, විපක්ෂයේ ඉද්දිත් පාවිච්චි කෙරුවා. දැන් හිරේට යවලත් ඔවුන් පාවිච්චි කරනවා. ඒක තමයි මෙයාලගෙ ප්‍රතිපත්තිය.

- රංජනා සෙව්වන්දි

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us