ඌවත්, වයඹක් වන ලකුණු !

Published in පුවත්
Wednesday, 13 August 2014 16:05

ඌව පළාත් සභා මැතිවරණයේදී එල්ල වී ඇති තර්ජන හේතුවෙන් මැතිවරණ නිලධාරින් පසුබෑමකට ලක්ව ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කියයි. 



කැෆේ සංවිධානය, පැෆ්රල් සංවිධානයසහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ  වහාම මැතිවරණ නිලධාරින්ගේ  ආරක්ෂාව තහවුරු කිරීම නිදහස් හා සාධාරණ මැතිවරණයකට අතවශ්‍ය සාධකයක් බවයි.

පසුගිය බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ වලදී කැස්බෑව, හෝමාගම සහ වැලිගම මාතර ආදී ප්‍රදේශවල  මෙන්ම වයඹ පළාත් සභා මැතිවරණයේදී මහව යන ප්‍රදේශවලදී මැතිවරණ ක්‍රියාවලියට එල්ල වු බලපෑම් උදාහරණ කොට දක්වන එම නිරීක්ෂණ සංවිධාන වැඩිදුරටත් සදහන් කර ඇත්තේ මෙවන් සිදුවීම් ඌව පළාත් සභා මැතිවරණයේදීත් සිදුවිය හැකි බවට පෙර නිමිති පළවී ඇති  බවයි. 

ඌව පළාත් සභා මැතිවරණයේ නාම යෝජනා භාරදුන් දිනයේ (අගෝස්තු 6) හිටපු පළාත් සභා මන්ත්‍රී අනුර විදානගමගේ සහ ඔහුගේ සොහොයුරු පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ විසින් ලොග්ගල් ඔය ප්‍රදේශයේදී සහකාර මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම මහතාට තර්ජනය කිරීමේ සිදුවීම සහ නීති විරෝධී රථ පෙළපාලියේ නිරත වීම ආදී සිදුවීම් හුවා දක්වා ඇති මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සදහන් කර ඇත්තේ දැන් සිටම නීතිය ක්‍රියාත්මක කරන ආයතන සහ නිලධාරින් මැතිවරණ නීතිය අකුරට ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ යුතු බවයි.

මෙම ඒකාබද්ධ නිවේදනයට කැෆේ සංවිධානය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ  රජිත් කීර්ති තෙන්නකෝන්,පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සහ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය (CMEV) වෙනුවෙන් ආචාර්ය පාක්‍යෙසෝති සරවනමුත්තු මහතා ද අත්සන් තබා තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us