චීන මහජන බැංකුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව ද්වි පාර්ශවික ගිවිසුමක

Published in පුවත්
Tuesday, 23 March 2021 10:45

චීන මහජන බැංකුව සමඟ ශ්‍රී ලංකා මහ බැංකුව ද්වි පාර්ශවික මුදල් හුවමාරු ගිවිසුමකට එළඹ තිබේනවා.

ඒ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව උපරිම වශයෙන් චීන යුවාන් බිලියන 10 ක් හෙවත් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක පමණ මුදල් හුවමාරු පහසුකමකට හිමිකම් ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇත.

මෙම හුවමාරු ගිවිසුම මගින් දෙරටේ ආර්ථික සංවර්ධනය සඳහා ද්විපාර්ශවික වෙළෙඳාම සහ සෘජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමටත් දෙපාර්ශවයේම එකඟතාව මත වෙනත් අරමුණු සඳහාත් එම අරමුදල් භාවිත කිරීමට හැකි වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය මත, එම හුවමාරු ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා සහ චීන මහජන බැංකු අධිපති ආචාර්ය යී ගැන්ග් මහතා එම ගිවිසුමෙහි අත්සන් දායකයන් ලෙස සම්බන්ධ වී තිබේ. එම ගිවිසුම වසර තුනක කාල සීමාවක් සඳහා වලංගු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us