ජාතීන් අතර අසමගිය ඇති කරන ප්‍රකාශ සිදුකළ විග්නේෂ්වරන්ට එරෙහිව විමර්ශන

Published in පුවත්
Wednesday, 24 March 2021 10:09

රූපවාහිනී වැඩසටහන්වලදී ජාතීන් අතර අසමගිතාවක් ඇති කරන ප්‍රකාශ සිදු කර ඇතැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව විශේෂ විමර්ශනයක් පවත්වන බව පොලිසිය අධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව දන්වා ඇත.

ත්‍රස්තවාදය වැළැක්වී‍මේ පනත සහ 2007 අංක 56 දරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව මෙම විමර්ශනය පවත්වන බව පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.

‘‘එල්.ටී.ටී.ඊ.ය කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක් නොවෙයි.’’ ‘‘හමුදාව විසින් ලක්ෂයකට අධික’’ දෙමළ ජනතාව වෙල්ලමුල්ලිවයික්කාල්හිදී මරා දාලා.’’, ‘‘උතුරු පළාතේ බුදු පිළිම ස්ථාපිත කිරීමෙන් දෙමළ ජනතාව මර්දනය කරන්න උත්සාහ කරනවා.’’ යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් රූපවාහිනී වැඩසටහනවලදී ප්‍රකාශ කර ඇති බව සඳහන් කරමින් අතුරුගිරිය පදිංචි නදීක දර්ශන වේරදුව නමැති අය කරන ලද පැමිණිල්ලක් මත කොළඹ අපරාධ කොට්ඨාසය එලෙස පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවල ප්‍රගතිය ලබන අගෝස්තු 03 වැනි දින අධිකරණයට වාර්තා කරන ලෙසද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, පොලිසියට නියම කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us