ගත වූ පැය 24තුළ මත්ද්‍රව්‍ය වැටලීම් 100ක් ! රටපුරා වැටලීම් අඛණ්ඩව

Published in පුවත්
Saturday, 27 March 2021 10:26

හෙරොයින් ග්‍රෑම් 142ක් සමග සැකකරුවෙකු ඊයේ (26) පෑලියගොඩ පට්ටිය හන්දිය ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ දූෂණ මර්දන ඒකකය මගින් සිදු කල සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවටගෙන තිබේනවා.

අදාළ සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකු බවයි සදහන් වන්නේ.

මේ අතර මෝදර ප්‍රදේශයේදී ද හෙරොයින් ග්‍රෑම් 6ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබේ.

කෙසේවෙතත් ඊයේ දිනයේ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 100කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා විවිධ ස්ථානවලදී සිදුකෙරුණු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ .

එහිදී සැකකරුවන් රැසක් අත්අඩංගුවටගෙන ඇති බවද එවැනි වැටලීම් අඛණ්ඩව රටපුරා සිදුවන බවද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us