නිශ්ශංක සේනාධිපතිට පනවා තිබු විදෙස් ගමන් තහනම ඉවතට !

Published in පුවත්
Monday, 29 March 2021 15:19

ඇවෙන්ට් ගාඩ් සමුහ වියාපාරයේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපතිට පණවා තිබෙන විදෙස් ගමන් තහනම අප්‍රේල් මස 23 වනදා දක්වා ලිහිල් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කර තිබෙනවා.

මෙම විදෙස් ගමන් තහනම පනවා ඇත්තේ ගාලු වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙනි.

එම නඩුව අද ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශගත වීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා අධිකරණය මගින් පණවා තිබෙන විදේශ ගමන් තහනම මීළඟ නඩු දිනය තෙක් ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා විරෝධය පළ කළේ නැහැ.

ඒ අනුව නිශ්ශංක සේනාධිපති මහතා වෙත පණවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒ මහතාට අප්‍රේල් මස 23 වන දා පෙරවරු 11 ට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

අනතුරුව අධිකරණය භාරයේ පවතින සේනාධිපති මහතාගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ 25 ක ශරීර ඇප මත මුදා හරින ලෙස ද අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us