වසර 04 අවසන්වන විට දේශීය කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත රටක් තැනීම රජයේ අපේක්ෂාවයි !

Published in පුවත්
Tuesday, 30 March 2021 10:17

ඉදිරි වසර 04 අවසන්වන විට මෙරට දේශීය කිරි නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත කිරීම රජයේ ඉලක්කය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දනද අලුත් ගමගේ ප්‍රකශ කර තිබෙනවා.

ඒ සඳහා නව ආයෝජන අවස්ථා පුළුල් කරමින් ඉල්ලුම්පත් යොමු කරන ලෙස පුවත්පත් දැන්වීම් පළකළ බවත් ඒ සඳහා ඉදිරිපත් වූ ආයෝජකයින්ගේ ගැටළු හා ප්‍රායෝගිකව මුහුණුපෑමට සිදුව ඇති බාධක පිළිබඳව අමාත්‍යවරයා අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පවත්වා ඇත්තේ.

විශේෂයෙන් එම ගොවිපළ සඳහා ඉඩම් ලබාදීමේ ගැටළු කීපයක් මෙහිදී ඉදිරිපත් වූ අතර, ඒවා නිරාකරණයට අවශ්‍ය විසඳුම් අමාත්‍යවරයා විසින් ලබා දී ඇත. ආයෝජනය නිවැරදිව සිදුකර ඇත්නම් එම ආයෝජකයන්ට කිසිඳු බාධාවක් නොවන පරිදි පහසුකම් සපයන ලෙසද නිලධාරීන්ට අලුත්ගමගේ අමත්‍යවරයා දැනුම් දී ඇත.

NLDB ට අයත් ප්‍රයෝජනයට නොගන්නා ඉඩම් මෙම නව ගොවිපළවල් ස‍ඳහා ලබාදීම පිළිබඳව මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වී තිබේ.
විශේෂයෙන් වික්ටෝරියා ජලාශය ආසන්නයේ ඇති හාරගම ගොවිපළ නිසි ප්‍රයෝජනයක් ගැනීම සඳහා මෙවැනි ආයෝජකයකුට ලබාදීමට ද මෙහිදී අමාත්‍යවරයා සාකච්ඡා කළා. මෙම සත්ව ගොවිපළවල් සඳහා ලබාදෙන ඉඩම් එම සමාගම් මගින්ම ප්‍රයෝජනයට ගෙන අදාල ව්‍යාපෘතියට ක්‍රියාත්මක කළ යුතු බවත්, බදු දීම වැනි ක්‍රියා නොකළ යුතු බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබේ.

අදාල ව්‍යාපෘතිය සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ඉදිරිපත් කිරීමට පෙර සම්පූර්ණ ව්‍යාපෘති සැලසුමත් මූල්‍ය ස්ථාවරත්වයත් ඉදිරිපත් කළ යුතු බවද අමත්‍යවරයා අදාල ආයෝජන සමාගම්වලට දැනුම් දී තිබේ.
උතුරු පළාතේ භාවිතයට නොගන්නා ඉඩම් විශාල ප්‍රමාණයක් පවතින අතර ඒ ඉඩම් ද මෙම ආයෝජකයින්ට ලබාදිය හැකිබවත් ඔහු සදහන් කර ඇත.

ආයෝජන මණ්ඩලය හරහා සිදුවිය යුතු ලිපි ලේඛණ සතියක් ඇතුලත අමත්‍යවරයා වෙතගෙන ඒමට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා එකඟ වී ඇත.
ඒ අනුව මෙම ව්‍යාපෘතිවලට අදාල සියලු ආයතන ප්‍රධානීන් කැඳවා මසක් ඇතුලත සියලු ගැටළු නිරාකරණය කොට කිරි නිෂ්පාදනය ආරම්භ කිරීමට හා සතුන් ගෙන්වීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස ද අමත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දී තිබේන බව වාර්තා වේ.

-පංචාලි අබේසේකර

alu1alu 2alu 3

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us