ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ලැබෙනතුරු දේශපාලන පළිගැනීම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට තීරණ !

Published in පුවත්
Tuesday, 30 March 2021 12:36

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ලැබෙනතුරු දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති ලේකම්වරයා අද (30) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේනවා.

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් අද කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක සහ අමාත්‍ය මණ්ඩල ලේකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරු එම දැනුම්දීම් සිදුකළේය.

එම පෙත්සම් අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දේශපාලන පළිගැනීම පිළිබඳව සොයා බැලූ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළත්ව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් ඉකුත් ජනවාරි මස 29 ද පත්කර ඇතැයි ජනාධිපති ලේකම්වරයා විසින් තමන්ට වාචිකව උපදෙස් ලබා දී ඇති බව පැවසුවේය.

එම විශේෂ ජනාධිපති කොමිසමේ නිර්දේශ ලැබෙනතුරු දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමටත් එම පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපතිවරයා, අල්ලස් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු නොකිරීමට ජනාධිපතිවරයා තීරණය ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

එම කරුණම අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ද අධිකරණය හමුවේ තහවුරු කර සිටියේය.

අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 12 වනදා කැඳවීමට නියම කෙරුණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us