අද සිට සතොස හරහා සහන මලු

Published in පුවත්
Thursday, 01 April 2021 09:36

අලුත් අවුරුදු සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 12ක් රුපියල් දහසක මිලකට ලක් සතොස හරහා ලබාදීමේ සහන වැඩපිළිවෙළ අද (01) සිට ක්‍රියාත්මක බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන නිවේදනය කර තිබෙනවා.

පෙබරවාරී මාසයේ සිට අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක මිල ස්ථාවරව පවත්වාගෙන යාමට වෙළෙඳ අමාත්‍යංශය පියවර ගනු ලැබු අතර එම සහනය එසේම පවතිද්දි අලුත් අවුරුදු සමය වෙනුවෙන් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 12ක් හෙට සිට රුපියල් දහසක මිලකට ලක් සතොස හරහා ලබා දීමට වෙළෙඳ අමාත්‍යංශ පියවර ගෙන ඇත.

රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 1ක්, සුදු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් 1ක්, නාඩු සහල් කිලෝ ග්‍රෑම් 1ක්, සුදු සීනි කිලෝ ග්‍රෑම් 1ක්, රතු පරිප්පු කිලෝ ග්‍රෑම් 1ක්, තිරිඟු පිටි කිලෝ ග්‍රෑම් 1ක්, ලුණු පැකට් 1ක්, හාල්මැස්සෝ ග්‍රෑම් 250ක්, කෑලි මිරිස් පැකට් 1ක්, සෝයා මීට් පැකට් 1ක්, තේ කුඩු පැකට් 1ක් සහ මුහුණු ආවාරණයක් එම සහන මල්ලට අයත්ය.

එමගින් පාරිබෝගිකයාට හිමිවන වාසිය රුපියල් 410කි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන,

“සතොස වැළඳගත් ජනතාවට අවුරුදු දීමනාවක් ලෙස සතොස ආයතනය විසින් සහන මල්ලක් හෙට සිට ලබාදෙනවා. ඒ තුළින් වෙළෙඳපොළේ පවතින මිලට වඩා රුපියල් 410ක ඉතිරියක් ඇතිවෙන බව තමයි සතොසින් මට දන්වලා තියෙන්නේ. එක් පුද්ගලයෙකුට එක මල්ලක් පමණයි. දේශීය පොල්තෙල් සතොසෙන් ගන්න පුළුවන් පොල් තෙල්වලට ආදේශක වන සෝයා තෙල් රු.160ක් අඩුවෙන් අපි ලබා දෙනවා. “

මේ අතර ඉහළ යන භාණ්ඩ මිලට එරෙහිව සමගි ජන බලවේගය අද විරෝධතාවක නිතරවිය.

ඉහළ යන භාණ්ඩ මිල සහ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව සමගි ජන බලවේගය අද මරදාන දුම්රියපොළ ඉදිරිපිට එම විරෝධතාව පැවැත්විය.

sathosa 1sathosa2sathosa3

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us