බස් රථවලට අද සිට වෙස්වළාගත් පොලිස් නිලධාරීන් !

Published in පුවත්
Monday, 05 April 2021 11:04

මගී ප්‍රවාහන බස් රථවලට වෙස්වළාගත් පොලිස් නිලධාරීන් අද (05) සිට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ බස් රියදුරන් සිදුකරන වැරදි සම්බන්ධයෙන් සොයා බලා දැඩිව නිතිය ක්‍රියාත්මක කිරීමට බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සදහන් කරන්නේ.

විශේෂයෙන් අධික වේගයෙන් ධාවනය, රිය ධාවනය කරමින් ජංගම දුරකථන භාවිතය සහ වෙනත් මාර්ග නීති නොපිළිපදිමින් ධාවනය වන්නේ ද පිළිබඳව ද විමසිල්ලෙන් සිටින ලෙස එම නිලධාරීන් ට උපදෙස් දී ඇත.

රියදුරෙක් යම් වරදක් කළහොත් එම බස් රථය ආසන්නම පොලිස් ස්ථානය වෙත යොමුකිරීමට කටයුතු කෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us