ගත වූ පැය 24තුළ මත්ද්‍රව්‍ය වැටලීම් රැසක් ! දිවයින පුරා වැටලීම් අඛණ්ඩව

Published in පුවත්
Wednesday, 07 April 2021 10:55

හෙරොයින් ග්‍රෑම් 150 මිලිග්‍රෑම් 200 ක් සමඟ සැකකරුවකු මෝදර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණා.

යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගත්තේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය විසිනි. මෝදර රොක් හවුස් පටුමගේදී ද තවත් සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 250ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.කොළඹ උතුර කොට්ඨාස විමර්ශන අංශයයි වැටලීම සිදු කළේ. එම ප්‍රදේශයේදීම තවත් සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 400 ක් සමඟ අත්අඩංගුවටඩ ගැනුණා.

ඒ අනුව ඊයේ දිනයේ මෝදර ප්‍රදේශය තුළ වැටලීම් 03 ක් සිදු කර ඇත.

මේ අතර ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදීද මත්ද්‍රව්‍ය වැටලීමක් සිදු කෙරුණා. එහිදී හෙරොයින් ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 100ක් සමඟ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගයෙකු අත්අඩංගුවට ගැනුණා. මෙම සැකකරු ද අද දිනයේදී මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි බොරැල්ල පොලීසිය පවසන්නේ.

මේ අතර තවත් සැකකරුවෙකු බොරැල්ල සීවලීපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණේ හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 500 ක් සමඟින්. බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු ද අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us