පාස්කු ප්‍රහාරය ගැන විවාදයට අමතර දින දෙකක් ! සජිත් සහ අනුරගෙන් විරෝධය !

Published in පුවත්
Thursday, 08 April 2021 13:51

එමෙන්ම පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදය පැවැත්වීමට තවත් වැඩිපුර දින දෙකක් යොදා ගැනීම පිළිබඳව සාකච්ඡා කල අවස්ථාවේ දී ද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ශයේ ප්‍රධාන සංවිධායක ලක්ශ්මන් කිරිඇල්ල ඊට සිය විරෝධතාවය පලකර ඇත.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ විවාදය පැවැත්වීමට තවත් වැඩිපුර දින දෙකක් යොදා ගැනීම පිළිබඳව සාකච්ඡා කල අවස්ථාවේදී ද ඊට සිය විරෝධතාවය පලකර ඇත.

විශේෂයෙන්ම පසුගිය කාලය පුරාවටම පාස්කු ප්‍රහරයට සම්බන්ධ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම සදහා ආණ්ඩුව විසින් කටයුතු කල යුතු බවට විපක්ෂය වොයිස්කට් දේශපාලනයක් සිදු කල අතර, ඒ සඳහා අදාල නීති සකස් කරමින් නැවත මෙවැනි දෙයක් ඇති නොවීමට කටයුතු කිරීම පිණිස පාර්ලිමේන්තුවේ සාකච්ඡා කල යුතු අවස්ථාවක විපක්ෂය ඊට එරෙහි වීම පිළිබඳව මේ රටේ සියලුදෙනා දැනගත යුතු බවයි. මේ පිළිබඳව අදහස් දක්වන ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් අප වෙත සඳහන් කර සිටියේ,

පාස්කු ප්‍රහාරය වැනි මේ රටේ සංවේදී මාතෘකාවක් පිළිබඳව “කතා කල යුතු නැති බවට” කියා සිටිමින් විපක්ෂය ඊට එරෙහි වෙද්දි දේශපාලන පළිගැනීම් සම්බන්ධ කොමිසම ගැන විවාදයක් ඉල්ලා සිටින්නේ, සිය ගණනක් මරාදමා, තවත් පිරිසක් සදාකාලින ආබාධිත තත්වයකට පත් කල පාස්කු ප්‍රහාරයට වඩා, යහපාලන ආණ්ඩු සමයේ සිදු කල ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්න පිළිබඳව පාර්ලිමේන්තුවේ කාලය වැය කරමින් කතා කල යුතු බව කියමින්ද..?

“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කතා කිරීමට ඕනෑ කිව්වෙත් විපක්ෂයමයි. ඔවුනට අපි ඕනෑටත් වඩා අවස්ථාව දෙනකොට ඔවන් එයට විරෝධතාවය පල කරනවා. මේක විහිළුවක්..” ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු මේ පිළිබඳ අදහස් දකවමින් පැවසීය.

-breakinglk

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us