කාදිනල් හිමිගේ ප්‍රකාශය ගැන මහින්ද අමරවීර ප්‍රතිචාර දක්වයි

Published in පුවත්
Friday, 09 April 2021 10:00

කාදිනල් හිමි මීට වඩා සැලකිලිමත්ව හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ප්‍රකාශය කළ යුතුව තිබූ බවත් ඉන් හානිය සිදු වූයේ කතෝලික ජනතාවට බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබෙනවා.

උන්නාන්සේ වේදනාවෙන් යම් යම් දේ ප්‍රකාශ කරන්නට ඇති නමුත් එම ප්‍රකාශය එතරම් වැදගත් නොවන බවත් කී ඇමැතිවරයා කාදිනල්තුමන් සමග ගැටුමකට යාමට සූදානම් නොමැති බවත් ප්‍රකශ කර ඇත.

අමාත්‍යවරයා මෙම අදහස් පල කලේ පරිසර අමාත්‍යාංශයේ ඊයේ (08 වැනිදා) පැවැති මාධ්‍ය හමුවක් අතරතුරදී.

මේ අතර කාදිනල් හිමියන් ඉකුත් පාස්කු ඉරුදින කළ ප්‍රකාශයට දේශපාලනික අර්ථකථන නොදෙන ලෙස කතෝලික සභාව ඉල්ලා ඇත.

ගරු සිරිල් ගාමිණී පියතුමා ඊයේ (08) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ දේශපාලනිකව කිසිවකුට පහරගැසීමේ අදහසින් කාදිනල් හිමියන් එම ප්‍රකාශය සිදු නොකළ බවය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ අගරදගුරු පදවි කමිටුවේ ගරු සිරිල් ගාමිණී පියතුමා පැවසුවේ,

"උන්වහන්සේගේ එම ප්‍රකාශය තුළ කිසිම විදිහක දේශපාලනිකව කිසිවෙකුට පහර ගසන්නට අදහසක් තිබුණේ නෑ. මේ පාස්කු ප්‍රහාරය ජාතික අපරාධයක් හැටියට අපි දකින්නේ. මේ තර්ජනය තාමත් ඒ විදිහටම තියෙනවා."

ඉකුත් පාස්කු ඉරිදා කාදිනල් හිමියන් හිටපු ජනපතිවරයා පිළිබඳ ප්‍රකාශයක් සිදුකළ අතර ඊට පසුදින හිටපු ජනපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සම්බන්ධයෙන් කණගාටුව පළකර තිබුණි.

-පංචාලි අබේසේකර

Last modified on Friday, 09 April 2021 10:17

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us