ශ්‍රී ලංකා තව්හීද් ජමාත් තහනමට විරුද්ධව උසාවි යනවාලු

Published in පුවත්
Friday, 09 April 2021 11:50

පසුගියදා නිතිපති දප්පුල ද ලිවෙරා විසින් තහනම් කළ යුතු බවට අනුමත කළ අන්තවාදී සංවිධාන 11 සහ එම සංවිධානවලට අයත් පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සැලසුම්කර ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර තහනම් කළයුතු අන්තවාදී කණ්ඩායම්වලින් එකක් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ නියෝජ්‍ය ලේකම් ටී. අහමඩ් ප්‍රකාශ කරන්නේ ඔවුන් තම නීතිඥයන් හමුවී ඇති බවත් නීතියෙන් ඔවුන්ගේ තහනමට එරෙහිව කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත්ය.

සංවිධාන තහනම් කිරීම සම්බන්ධ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර දින 14 ක් ගතවීමට පෙර නීතිපතිවරයාට සහ පොලිස්පතිවරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ඔහු පැවසයි.

පාස්කු ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ වූ සහරාන් ඇතුලු කිහිප දෙනෙකු නියෝජනය කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානය, ශ්‍රි ලංකා තව්හීද් ජමාත් සංවිධානයෙන් කැඩී වෙන් වී ගිය පිරිසකි.

කෙසේ නමුත් තව්හීද් නාමය සහිත ක්‍රියාත්මක බොහෝ සංවිධන වහබ්වාදය පදනම් කර ගත් අන්තවාදී දහමක් ප්‍රචලිත කරමින් සිටී. මෙම කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය සාම්ප්‍රදායික මුස්ලිම් සමාජයටත් බරපතල තර්ජනයක් එල්ල කරමින් සිටී. ඉතා සුළුතර කණ්ඩායමක් වන මෙම අන්තවාදීන්ගේ ප්‍රචණඩාරී ආගමික මෙහෙයුම් නිසා මෙරට සමස්ත මුස්ලිම් ප්‍රජාවම පීඩාවට පත්වීම සහ අනෙක් ආගමික ජන කොටස්වල සැකයට වෛරයට පාත්‍රවීමද සිදුව් තිබේ. මේ හේතුවෙන් ඊට එරෙහිව බොදුබල සේනා වැනි අනෙක් අන්තවාදී සංවිධාන බිහිවීමේ ප්‍රවණතාවයක් පසුගිය කාලයෙහි ඇතිව තිබිණි. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසම් වාර්තාවේ මේ සියලු අන්තවාදී සංවිධාන තහනම් කළ යුතු බවට නිර්දේශයක්ද ඉදිරිපත්ව තිබිණි.

ඊයේ (08) ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ආගමික අන්තවාදය ඇතුළත් පොත පත තහනම් කිරීම පිළිබඳව මතු වූ අදහසකට පිළිතුරු දෙමින් කීවේ මේ තීරණය නිශ්චිත ආගමක් ඉලක්ක කොට ගත්තක් නොවන බවත්, පොදුවේ සෑම ආකාරයකම ආගමික අන්තවාදය පිටුදැකීම අරමුණ බවත් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us