දැන් රටේ ක්‍රියාත්මකවන්නේ එක නීතියක් - ජොන්ස්ටන්

Published in පුවත්
Tuesday, 13 April 2021 14:30

“මේ රටේ දැන් ක්‍රියාත්මක වන්නේ එක නීතියයි. යහපාලන කාලයේ දී වගේ රටේ නීතිය තමන්ගේ උවමනාවට හිතුමතේට නමන්න බැහැ.යාපනයේ නගරාධිපතිතුමාට කියලා වෙනම නීතියක් මේ රටේ නැහැ. නියපොත්තෙන් කඩන්න තියන දෙය පොරවෙන් කපන තත්වයට අපි පත් කරන්නේ නැහැ. ඒ නිසා තමයි යාපනය නගරයේ ආරක්ෂාවට යැයි පවසමින් යුද සමයේ එල්ටීටීඊ පොලිස් භටයන් භාවිතා කළ ඇඳුමට සමාන නිල ඇඳුමකින් යුතු යාපනය නගර ආරක්ෂක බලකාය නමින් ඒකකයක් පිහිටුවීම ගැන වහාම සොයා බලා කටයුතු කළේ.” යැයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

 

ගිරිඋල්ල නගරයේ පවතින අධික රථවාහන තදබදයට පිළියමක් ලෙස නගරයේ අභ්‍යන්තර මාර්ග සියල්ල කාපට් අතුරා සංවර්ධනය කරදීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් වෙන් කර දෙන ලදි. එම අභ්‍යන්තර මාර්ග සියල්ල කාපට් අතුරා සංවර්ධනය කරන ආකාරය සොයා බැලීම සදහා විෂයභාර අමාත්‍යවරයා 12-04-2021 වන අද දින එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.

එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න වලට අමාත්‍යවරයා මෙසේ පිළිතුරු ලබා දුනි.

ප්‍රශ්නය - පසුගිය දා මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී ඔබට චෝදනා කරනවා කතා කරන්න ලබා දෙන කාලය සහ යාපනය නගරාධිපතිතුමා සම්බන්ධයෙන්

පිළිතුර - රාසමාණික්කම් මන්ත්‍රී තුමා කිව්ව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කතා කරන්න වෙලාව දෙන්නේ නැහැ කියලා. අපි පලවෙනි මාස තුන ඇතුළත මේ පාර්ලිමේන්තුවට පත්වුණ සෑම මන්ත්‍රී කෙනෙක්ටම අවස්ථාව දුන්නා. ඒ නිසා ජ්‍යෙෂ්ඨයන්ට සහ පාර්ලිමේන්තුවේ මීට පෙර කතා කරලා පලපුරුද්දක් තියෙන අයට ඔවුන්ගෙන් අහන ප්‍රශ්ණ වලට හරියට උත්තර දෙන්නවත් වෙලාවක් ලැබුන් නැහැ. හැම කෙනෙක්ටම වෙලාව ලබා දුන්න. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියට ඉතාමත් වගකීමෙන් මම එය කියනවා. ඒ අයට හම්බෙන කාලය වගේ කාලයක් අපේ අයට හම්බ වෙන්නේ නැහැ. එකසිය ගණනක් ඉන්නවා අපේ පැත්තේ . සීයට හැටයි හතළිහයයි බෙදෙන්නේ. ඒ වගේම යාපනය නගරාධිපති තුමා ගැන ඔහු කතා කෙරුවා. යාපනේ නගරාධිපතිතුමා ගැන කියවුනේ ප්‍රසිද්ධ නාලිකාවක. ඒ නාලිකාවේ ඇහුවා අද පොලිසියේ රාජකාරියත් නගර සභාව ද කරන්නේ , මේ රටේ නීතිය කෝ කියලා ඇහුවා. එල්ටීටීඊ නීතිය ක්‍රියාත්මක වෙද්දී අපි දැක්කා උතුරේ උසාවි ‍කොහොමද ක්‍රියාත්මක වුනේ කියලා . ඒ වගේම උතුරේ පොලිසිය එල්ටිටිඊය කාලේ ක්‍රියාත්මක උනේ කොහොමද කියලා අපි දැක්කා . පොලිසියේ රාජකාරිය කිසිම නගරාධිපති කෙනෙක්ට පාවිච්චි කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක ආණ්ඩුව වෙනුවෙන් ඉතාමත් වගකීමෙන් පැහැදිලිව කියනවා.

ප්‍රශ්නය -ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා විසින් රාසමාණික්කම් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රකාශ කළා කියා ඔහු චෝදනා කළා

පිළිතුර - රාසමාණික්කම් මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙලින්ම ඇඟිල්ල දික් කළේ ආණ්ඩුවට. ඔහු කිව්වා දෙවැනි ප්‍රහාරයක් ආණ්ඩුව සැලසුම් කරනවා කියලා. ඔහු පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවා වෙලා තමයි මේ වගේ ප්‍රකාශ කරන්නේ. මම එතුමාට කියනවා පුළුවන් නම් ඔය දේ එලියට ගිහින් කියන්න කියලා . එතුමා මගේ පෞද්ගලික මිත්‍රයෙක්. එතුමාට මම ගරු කරනවා. මඩ ගහන එකේ සීමාවක් තියෙනවා. නමුත් දෙවැනි පාරත් ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනවා නම් ප්‍රහාරයක් එල්ල කරලා කොයි වෙලේ ආයේ මිනිස්සු මරන්න යනවද දන්නේ නැහැ කියලා කිව්වාම ඒක මොනතරම් මොන තරම් බරපතළ ප්‍රකාශයක් වෙනවාද.අන්න ඒ නිසා තමා ෂෙහාන් සේමසිංහ ඇමතිතුමා මට පෞද්ගලිකව කිව්ව මේ වගේ දේවල්වලට ඉඩ දෙන්න හොඳ නැහැ කියලා. රාසමාණික්කම් මන්ත්‍රීතුමාට පුළුවන් සීඅයිඩියට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න . එතකොට පුලුවන් කව්ද මේවා සැලසුම් කරන්නේ කියලා හොයාගන්න. ඒක තමයි ‍හොදම දේ. නැතිනම් අශෝක අබේසිංහ මහත්තයට වෙච්ච දේ වෙයි එතුමාටත්. බොරු කියලා අන්තිමට කලන්තෙ දැම්මා කියලා කිව්වා නේ.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us