දින 11ක් තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 349 ක ආදායමක්!

Published in පුවත්
Monday, 19 April 2021 14:13

උත්සව සමයේ ගත වූ දින 11 ක (2021-04-08 සිට 2021-04-18) කාලයක් තුළ දී අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 349 ක ආදායමක් උපයා ඇති බව මහාමාර්ග අමාත්‍ය ජොනස්ටන් ප්‍රනාන්දු සදහන් කර තිබෙනවා.

අදාළ කාලසීමාව තුළ වාහන 1,236,288 කට අධික ප්‍රමාණයක් කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය, පිටත වටරවුම මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කර ඇත.

මෙම කාලසීමාව තුළ වැඩිම වාහන ප්‍රමාණයක් අධිවේගී මාර්ගවල ගමන් කර ඇත්තේ අප්‍රේල් 10 වැනිදා ය. එම සංඛ්‍යාව 141,187 කි. එදින උපයා ඇති ආදායම රුපියල් මිලියන 38කට අධිකය.

උත්සව සමයේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතිය තුළින් ලබා ගත් ආදායම, සිදුවූ රථ වාහන අනතුරු පිළිදව සවිස්තර වාර්තාවක් අද දින අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු හා කළමනාකරණ අංශයේ වැඩබලන අධ්‍යක්ෂ එම්. ලොඩ්වික් මහතා විසින් මහාමාර්ග අමාත්‍යවරයා වෙත භාර දෙන ලදී.

මේ පිලිබදව දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ,

''එදා ජ.වි.පෙ. කිව්වේ දක්ෂිණ අධිවේගී මාර්ග හදනකොට කිව්වේ රාජපක්ෂලාට ඇඹුල්තියල් ගෙනියන්න තමයි මේ අධිවේගී මාර්ගය හදන්නේ කියලා. නමුත් දක්ෂිණ අධිවේගී මාර්ගය නිසා කාලය ඉතිරි වෙනවා. අද මෙම අධිවේගී මාර්ග පද්ධතිය නිසා ගම්බිම් බලා යන ජනතාවට ප්‍රතිලාභ ලැබෙනවා. ඹවුන්ගේ ඉන්ධන පිරිවැය සහ ගමන් කාලය මෙම අධිවේගී මාර්ග පද්ධතිය නිසා අඩු වෙනවා. රුපියල් මිලියන 349කට ආසන්න ආදායමක් මෙම අධිවේගී මාර්ග පද්ධතිය නිසා අද අපට ලැබී තිබෙනවා. හණමිටි අදහස් තිබෙන මිනිසුන් සිටින තාක් මේ රට දියුණු කරන්න බැහැ. එම නිසා අපි ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කළ යුතුයි '' යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

- පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us