මිලේච්ඡ පාස්කු ප්‍රහාරය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩි 2කක නිශ්ශබ්දතාවයක් !  

Published in පුවත්
Wednesday, 21 April 2021 11:05

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් අනුව පාස්කු වින්දිතයින් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ විනාඩියක නිශ්ශබ්දතාවයක් පැවැත්විණි.

මේ අතර ප්‍රහාරයට දෙවසරක් සපිරීම නිමිත්තෙන් වන ප්‍රධාන සැමරුම කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දෙව්මැදුරේ දී අද(21) පෙරවරු 8.45ට කාදිනල් මැල්කම් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

8.45ට එම සැමරුම සිදු කෙරුනේ එම දේවස්ථානයට ප්‍රහාරය එල්ල වූයේ එම වෙලාවේ හෙයින් ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන් සිහි කිරීම සඳහා සීනුව නාද කර විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමෙනි. ඉන් පසුව ඉටි පහන් දල්වා දිවි පිදුවන් සිහි කෙරිනි.

මීගමුව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී බෝම්බ ප්‍රහාරයෙන් දිවි පිදුවන් භූමදානය කර ඇති කටුවාපිටිය සුසාන භූමියේ ඉදි කරන ලද කුඩා දෙව් මැදුර ද අද පෙරවරුවේ විවෘත විය.

ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූවන් හා වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා අද සවස 4.00ට කතෝලික පියතුමන්ලා සහ කන්‍යා සොයුරියන් පෙරහරකින් මීගමුව මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාංගණයේ සිට කටුවාපිටිය දේවස්ථානය වෙත පිවිසීමට නියමිතයි. එම දේවස්ථානයේ දී කාදිනල් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත්වේ.

පාස්කු ප්‍රහාරයට වසර දෙකක් සම්පූර්ණ වන විටත් කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේ දී හා මීගමුව කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී තුවාල ලැබූ 79 දෙනකු තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන් වේ.

මේ අතරින් ජීවිත කාලය පුරාම ප්‍රතිකාර ලැබිය යුතු පිරිස විසි දෙනෙක් පමණ වෙති. ප්‍රහාරයෙන් පසු මේ දක්වා පාසල් යාමට නොහැකිව ප්‍රතිකාර ලබන සිසුන් කිහිප දෙනෙක් ද සිටින බව සෙත්සරණ ආයතනයේ අධ්‍යක්ෂ ලෝරන්ස් රාමනායක පියතුමා සදහන් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us