එළැඹෙන සති 3 ඉතා අවදානම් ! යුද හමුදාපති අනතුරු අගවයි !

Published in පුවත්
Thursday, 22 April 2021 11:11

එළැඹෙන සති 3 ඉතා අවදානම් බව යුද හමුදාපති ⁣ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රට තුළ නැවත වරක් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බවයි යුද හමුදාපතිවරයා සදහන් කරන්නේ.

එසේම ඔහු ජනතාවට දැනුම් දෙන්නේ සති අන්තයේ විනෝද චාරිකා යෑමෙන් වැළකි සිටින ලෙසත් විවිධ උත්සව සංවිධානය කිරීමෙන් වැළකී සිටින ලෙසත්ය.
තවද නිවසින් බැහැරට යෑමේදී මුව ආවරණ පැළදීම අනිවාර්ය බව ද යුධ හමුදාපතිවරයා සදහන් කර ඇත.

නව ආසාදිතයින් 516 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 98,050 දක්වා ඉහළ ගොස් තිබේ.

ආසාදිතයින් 93,668 ක් සුවය ලබා ඇති අතර 3752 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර මිය ගිය සංඛ්‍යාව 630ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us