බැටිකලෝ කැම්පස් ගැන රජයෙන් විකල්ප දෙකක් !

Published in පුවත්
Thursday, 22 April 2021 16:05

බැටිකලෝ කැම්පස් ආයතනය සම්බන්ධව රජය ගැනීමට බලාපොරොත්තු වෙන තීරණය අතර විකල්ප 02 ක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරීස් මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

එම තීරණ අතර පළමු විකල්පය වන්නේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ලෙස එය පවත්වා ගෙන යෑමත් ,දෙවන විකල්පය වන්නේ එම ආයතනය රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ලෙස පවත්වා ගෙන යෑම බවද අමාත්‍යවරයා සදහන් කර ඇත.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට වෛද්‍ය සිසුන් 100 ක් බඳවා ගෙන තිබීම සුබවාදී බව පැවසූ අමාත්‍යවරයා එම විශ්වවිද්‍යාලය සඳහා පහසුකම් ලබාදීම ඉතා වැඳගත් බවද සඳහන් කර ඇත.

පසුගිය වසර තුළ විශ්වවිද්‍යාල සඳහා 30,000 ක් බඳවා ගෙන තිබෙන අතර, මෙම වසරේ 41,500 ක් බඳවා ගැනීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකශ කර තිබේ.

ඒ අනුව බැටිකලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගැනීම සම්බන්ධව විශේෂ අවධානයක් යොමුව ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරීස් මහතා සඳහන් කරයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us