ලිට්‍රෝ ධාරිතාව ලීටර් වලින් -පාරිභෝගික කටයුතු අධිකාරියෙන් පරීක්ෂණ

Published in පුවත්
Saturday, 24 April 2021 10:17

ලිට්‍රෝ ගෑස් සමාගම විසින් පාරිභෝගික කටයුතු අධිකාරියේ අවසරයකින් තොරව නව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් වෙළෙඳපොළට හඳුන්වාදීම පිළිබදව වාර්තාවක් කැඳවීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අදාළ සමාගම දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව එම අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

නව නිෂ්පාදනයක් වෙළෙඳපොළට නිකුත් කිරීමට ඕනෑම සමාගමකට අවසරහිමි වුවද අදාළ නිෂ්පාදනයේ නියමිත පරිදි බර සඳහන් කළ යුතු වේ.

කෙසේවෙතත් අදාළ සමාගම විසින් හඳුන්වා දුන් නව ගෑස් සිලින්ඩරයේ ධාරිතාව කිලෝග්‍රෑම් වෙනුවට ලීටර් මගින් දක්වා තිබීම ගැටලු සහගත තත්ත්වයක් බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේය.

එමෙන්ම වෙ‍ළෙඳපොළේ පවතින කිලෝග්‍රෑම් 12 යි දශම 5 ක ගෑස් සිලින්ඩරයක උපරිම සිල්ලර මිල දැක්වෙන්නේ රුපියල් 1493 ක් ලෙසය.

නව ගෑස් සිලින්ඩරයේ අඩංගු ගෑස් ප්‍රමාණය ලීටර් 18 ක් ලෙස දක්වමින් රුපියල් 1395ක මිලකට පාරිභෝගිකයාට සහනයක් ලබාදීමේ “ප්‍රීමියර් හයිබ්‍රිඩ්“ නමින් ලිට්‍රෝ සමාගම විසින් නව නිෂ්පාදනය හඳුන්වා දී තිබේ.

කෙසේවෙතත් එහි අඩංගු වන ගෑස් ප්‍රමාණය සිලින්ඩරයේ දක්වා ඇති ප්‍රමාණයට වඩා අඩු අගයක් ගන්නා බව සඳහන් වේ.

මේ හේතුවෙන් අදාළ තොරතුරු නිසි ලෙස දක්වමින් වාර්තාවක් ලබාදෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දී ඇති අතර නව නිෂ්පාදනයේ සාම්පල ද එහි නිලධාරීන් විසින් ලබාගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එමෙන්ම ඉදිරියේදී වෙ‍ළෙඳපොළේ ගෑස් හිඟයක් ඇතිවීමක් හෝ මිල වැඩිවීමක් සිදුනොවන බව ද එම අධිකාරිය සඳහන් කළේය.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ පාරිභෝගිික කටයුතු අධිකාරිය විසින් අදාළ සමාගම වෙත දැනුම්දී ඇත්තේ කිලෝග්‍රෑම් 12 යි දශම 5ක් ලෙස දැක්වෙන ගෘහස්ථ ගෑස් සිලින්ඩර මෙන්ම ලීටර් 18 ක් ලෙස දක්වා ඇති නව සිලින්ඩර ද වෙළෙඳපොළේ අලෙවිය සඳහා තබන ලෙසය.

කෙසේවෙතත් නව සිලින්ඩරයේ ද නියමිත බර ප්‍රමාණය සඳහන් කළ යුතු බවට අදාළ සමාගම වෙත එම අධිකාරිය විසින් දැනුම් දී තිබේ.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us