බස්නාහිරට ඇතුළුවන හා පිටවන පුද්ගලයින්ට ඇන්ටිජන් පරීක්ෂණ

Published in පුවත්
Thursday, 29 April 2021 09:51

අද (29) දහවල් 12 සිට බස්නාහිර පළාතට ඇතුළුවන හා පිටවන ස්ථාන 12 කදී පුද්ගලයින් විවිධ පරීක්ෂාවන්ට ලක්කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකශ කර තිබේ.

කොවිඩ් රෝගය පළාත් සහ දිස්ත්‍රික්ක අතර පැතිරීම පාලනය කිරීම සඳහා මෙය සිදු කරන බවත් ,පොලීසිය, ත්‍රිවිධ හමුදාව හා සෞඛ්‍ය අංශවල ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස එය සිදුකෙරෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඒ අනුව පහත දැක්වෙන තෝරාගත් ස්ථානවල දී එම පරීක්ෂාවන් සිදුකරන බවත් එහිදී අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ජනතාව යොමුකිරීමට නියමිතයි.

පරීක්ෂාවන් සිදුකරන ස්ථානයන් පහතින්…

01. කොච්චිකඩේ තෝප්පුව පාලම
02. කොටදෙණියාව බඩල්ගම පාලම
03. නිට්ටඹුව හැලගල හන්දිය
04. මීරිගම ගිරිඋල්ල පාලම
05. දොම්පේ සමනබැද්ද පාලම
06. හංවැල්ල වනහාගොඩ පාලම
07. අලුත්ගම බෙන්තර පාලම
08. තිනියාවල හන්දිය
09. ඉංගිරිය කැටකැදැල්ල පාලම
10. බදුරලිය – කලවාන සමන් දේවාලය අසල
11. මීගහතැන්න පොලිස් වසමේ ගොරකදූව අවිත්තාව පාලම
12. දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න හුවමාරු පිවිසුම

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us