පිළිකා කාරක අඩංගු පොල්තෙල් නිෂ්පාදනය වෙළෙඳපොළෙන් ඉවත් කර ගන්නැයි නියෝග !

Published in පුවත්
Thursday, 29 April 2021 13:27

“ඇෆ්ලටොක්සින්“ නැමැති පිළිකා කාරක අඩංගු බවට හඳුනාගත් දේශිය පොල් තෙල් සමාගමක නිෂ්පාදන වෙළෙඳපොළෙන් ඉවත් කර ගන්නා ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අදාළ සමාගමට දැනුම් දී තිබේනවා.

සිදුකළ පරීක්ෂණවල දී එම පිළිකා කාරකය පොල් තෙල් සාම්පලවල අඩංගු බවට හඳුනාගැනීමත් සමඟ එම පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.

“ඇෆ්ලටොක්සින්“ නැමැති පිළිකා කාරය වෙළෙඳපොළේ අලෙවි වන පොල් තෙල්වල අඩංගු වී තිබේදැයි සොයාගැනීම සදහා පාරිභෝගික අධිකාරිය පරීක්ෂණ සිදු කිරීමට පියවර ගත අතර එහිදි විවිධ වෙළෙඳ නාම යටතේ පවතින පොල් තෙල් නිෂ්පාදනවල සාම්පල පරීක්ෂාවට ලක්කරණ ලදී. එහිදී ඉන් එක් නිෂ්පාදනයක අදාළ පිළිකා කාරකය පවතින බවට තහවුරු වී ඇත.

පසුව එම සමාගමට අයත් කර්මාන්ත ශාලාවලින් ද සාම්පල ලබා ගනිමින් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පියවර ගෙන ඇති අතර එහිදි “ඇෆ්ලටොක්සින්“ පිළිකා කාරකය එම පොල් තෙල් සාම්පලවල අඩංගු බවට තවදුරටත් තහවුරු වී තිබේ.

ඒ අනුව එම නිෂ්පාදන සමාගමේ පොල් තෙල් තොග වෙළෙඳ පොළෙන් ඉවත්කර ගන්නා ලෙස ලිඛිතව දැනුම් දී ඇති අතර එම සමාගමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාරිභොගික කටයුතු පිළිබඳ අධිකාරිය ප්‍රකාශ කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us