අර්ජුන් මහේන්ද්‍රන් නැතත් බැඳුම්කර නඩුව පවත්වාගෙන යෑමට තීරණයක් Featured

Published in පුවත්
Thursday, 29 April 2021 16:03

දැනට විදේශගතව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා යන විත්තිකරුවන් නොමැතිව විවාදාත්මක බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ නඩු විභාගය පවත්වාගෙන යාමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (29) පැමිණිල්ලට අවසර ලබාදුන්නේය.

 

2016 වසරේ මාර්තු මස 31 වනදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාවද්‍ය පරිහරණය සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවට අදාළව එම තීරණය දී තිබේ.

අමල් රණරාජා, නාමල් බළල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම නඩුව අද කැඳවනු ලැබීය.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් එම නඩුවේ, තුන්වන විත්තිකරු වශයෙන් නම් කර සිටින අර්ජුන් මහේන්ද්‍රන් සහ නව වන විත්තිකරු වශයෙන් නම් කර සිටින අජහාන් ගාර්දිය පුංචිහේවා යන අය මේ වන විට අධිකරණය මඟ හැර විදේශගතව සිටින හෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 458 වන වගන්තිය යටතේ ඔවුන් නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාම සඳහා වන ඉල්ලීමට අදාළව සාක්ෂි මෙහෙය වීමට අවසර දෙන්නැයි ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව අධිකරණයේ අවසරය මත පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරියගේ මෙහෙයවීමෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුකෙරුණි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us