දකුණු පළාතේ සියලු සති පොළවල් වසා දමයි !

Published in පුවත්
Tuesday, 04 May 2021 10:52

දකුණු පළාතේ පළාත් පාලන ආයතන මගින් පාලනය වන සියලුම සති පොළවල් සති දෙකක කාලයක් වසා දැමීමට පියවර ගෙන තිබේ.

සෞඛ්‍ය අංශ මගින් ලබාදුන් උපදෙස් මත එලෙස සති පොළවල් වසා දැමීමට කටයුතු කරන ලෙසට පළාත් පළාන ප්‍රධානින්ට උපදස් දුන් බවයි දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා පැවසුවේ .

ඒ අනුව දකුණු පළාතේ පළාත් පාලන ආයතනය 49ක් මගින් පවත්වාගෙන යන සතිපොළවල් වසා දැමීමට පියවර ගෙන ඇත.

සතිපොළවල් වලින් භාණ්ඩ මිලදී ගැනීම සදහා පාරිභෝගිකයින් විශාල පිරිසක් එක් රැස්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

මේ අතර මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පොල්වත්ත සහ පමුණුව යන ග්‍රාම නිලධාරී වසම් දෙකේ කොරෝනා රෝගීන් වැඩිවීම හේතුවෙන් එම ප්‍රදේශ ඉදිරියේදී හුදකලා කිරීමට සිදුවනු ඇති බව මහරගම සෞඛ්‍ය නිලධාරීනි වෛද්‍ය රිසිනි මාරසිංහ සදහන් කර ඇත.

කොට්ටාව, ගොඩිගමුව, නාවින්න යන ග්‍රාම නිලධාරී වසම්වලද, කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව දිනපතා වර්ධනය වෙමින් පවතින බවද ඇය පැවසුවාය. සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලයෙන් පසු මහරගම සෞඛ්‍ය ​වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 200 දක්වා වර්ධනය වී තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us