සුරක්ෂිත ආහාර රටාවකට අනුව ජීවත්වන පුද්ගලයන් වැඩිම ගාල්ලේ බව හෙළිවේ !

Published in පුවත්
Monday, 10 May 2021 11:51

මෙරට ආහාර සුරක්ෂිත භාවයෙන් ඉහළම සහ සුරක්ෂිත ආහාර රටාවකට අනුව ජීවත්වන පුද්ගලයන් වැඩිම ප්‍රමාණයක් සිටින දිස්ත්‍රික්කය වන්නේ ගාල්ල බවත්, එය 97%ක ඉහළ ප්‍රතිශතයක් බවත් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සිදු කර ඇති ආහාර සුරක්ෂිතතා සමීක්ෂණයකින් අනතුරුව හෙළි වී ඇත.

ප්‍රමාණවත් සහ පෝෂ්‍යදායි ලෙස ආහාර පරිභෝජනය යන නිර්ණායක යටතේ මෙම සමීක්ෂණය සිදු කර ඇත. මෙරට අවම ආහාර සුරක්ෂිත භාවයන් ඇති දිස්ත්‍රික්කය බවට පත්ව ඇත්තේ මුලතිව්ය. එය 52%ක අගයක් බව වාර්තාවේ දැක්වේ.

මුලතිව් දිස්ත්‍රික්කය හැරුණු විට අනෙක් සෑම දිස්ත්‍රික්කයකම ආහාර සුරක්ෂිතතා අගය 70% ඉක්මවා ඇත. දෙවැනියට ඉහළම ආහාර සුරක්ෂිතතාවන් ඇති දිස්ත්‍රික්කය ගම්පහය. එය 95.8%ක අගයක් ගෙන ඇත. රත්නපුර දිස්ත්‍රික්කය තෙවැනි ස්ථානයට පත්ව ඇත. එය සියයට 95.4%ක අගයක් ලෙස වාර්තාවේ.

නාගරික වශයෙන් මෙරට ආහාර සුරක්ෂිතතාව 90%ක් , ග්‍රාමීය වශයෙන් එම අගය 89%ක් හා වතු ආශ්‍රිතව 88%ක අගයක්ද ගෙන තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us